ජනවාරි 19, 2025
tami eng youtube  twitter facebook

    ආහාර මිලදීගැනීමේ දී ලේබලය කියවන්න - මහජන සෞඛ්‍ය පරීක්ෂවරුන්ගේ සංගමයේ සභාපති

    අප්‍රේල් 13, 2018
    විශේෂයෙන් උත්සව සමයේ දී ආහාර මිලදී ගැනීමේ දී ලේබලය අනිවාර්යයෙන් ම කියවන ලෙස මහජන සෞඛ්‍ය පරීක්ෂකරුවන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා මහජනතාවගෙන් ඉල්ලා සිටී.
     
    ආහාර ද්‍රව්‍යවල කල්ඉකුත්වීමේ දිනය, මිල වෙනස් කරන ලද අවස්ථාවන් ඇති බවට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් සිදුකරනු ලබන වැටලීම්වලන් අනාවරණය වී ඇති බවත් අවුදුරු සමයේ දි විශේෂයෙන් කෙසෙල් ඇතුළු පළතුරු මිලදීගැනීම මෙන් ම තත්ත්වය බාල කරන ලද පොල්තෙල් මෙන් ම නුසුදුසු ඇසුරුම් හි අසුරුන ලද පොල්තෙල් ද වෙළෙඳපොළේ පවතින බවත් රෝහණ මහතා පෙන්වා දෙයි.
     
    එමෙන් ම පළතුරු ඉදවීම සඳහා යොදාගනු ලබන රසායනික් ද්‍රව්‍ය භාවිත කළ යුතු අන්දමට පමණක් භාවිත කිරීමට කටයුතු කරන ලෙසත් වෙළෙඳ ප්‍රජාවගෙන් ඒ මහතා වැඩිදුරටත් ඉල්ලා සිටී.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya