ජනවාරි 19, 2025
tami eng youtube  twitter facebook

    ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ අවසන් කටයුතු රාජ්‍ය ගෞරව සහිතව අද නිදහස් චතුරශ්‍රයේ දී

    මැයි 02, 2018

    අභාවප්‍රාප්ත සිනමාවේදී ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ අවමංගල්‍ය කටයුතු රාජ්‍ය ගෞරව සහිතව අද (02) සවස නිදහස් චතුරශ්‍රයේ දී සිදුකිරීමට නියමිතය.

    සිය 99 වැනි ජන්ම දිනය පසුගිය අප්‍රේල් මස 05 දා සැමැරූ ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා කොළඹ පෞද්ගලික රෝහලක දී අප්‍රේල් මස 29 දා සවස අභාවප්‍රාප්ත වූයේය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත ඒ මහතගේ අවමංගල්‍ය කටයුතු රාජ්‍ය අනුග්‍රහය සහිතව සිදුකරන ලෙස උපදෙස් ලබාදෙන ලදී.


    ඒ අනුව,ලෙස්ටර් ජේම්ස් පීරිස් මාවතේ (බම්බලපිටිය ඩික්මන් පාර) ඒ මහතා පදිංචිව සිටි නිවසේ දී කතෝලික ආගමික වතාවත් සිදුකිරීමෙන් අනතුරුව පෙරවරු 10.00ට දේහය රැගත් රිය පෙරහැර පිටත්වීමට නියමිතය. මෙම රථ පෙරහැර නිදහස් චතුරශ්‍රය වෙත යන අතරතුර ජාතික චිත්‍රපට සංස්ථාව ඉදිරිපිට ද සිනමාවේදීන් ඇතුළු කලාකරුවන් විසින් භාරගෙන රූපවාහිනී සංස්ථාවත්, ගුවන්විදුලි සංස්ථාවත් අතර ඇති ප්‍රේමකීර්ති ද අල්විස් මාවත ඔස්සේ නිදහස් චතුරශ්‍රය වෙත පැමිණීමට නියමිතය.

    දේහය නිදහස් චතුරශ්‍රයේ තැන්පත් කිරීමෙන් පසු පවුලේ ඥාතීන්ට හා කලාකරුවන් දේහයට අවසන් ගෞරව දැක්වීමට අවස්ථාව සළසා දහවල් 12.00 සිට සවස 3.00 දක්වා මහජන ගෞරවය සඳහා විවෘතව පවතී. ස්වදේශ කටයුතු අමාත්‍යාංශය පවසන්නේ අවමංගල්‍ය උත්සවයේ කටයුතු සවස 3.00ට ආරම්භ කිරීමට නියමිත ය.

    එහි දී බෞද්ධ ආගමික වතාවත් සිදුකිරිමෙන් පසු කාදිනල් මැල්කම් රංජිත් අගරදගුරුතුමන් විසින් ආශීර්වාදාත්මක දේශනය පවත්වනු ලබයි. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ හා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ශෝකය ප්‍රකාශ කිරීමෙන් අනතුරුව නිදහස් චතුරශ්‍ර භූමියේ දී දේහයට චිතකයේ දී ගිනිදැල්වීම සිදු කෙරේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya