ජනවාරි 19, 2025
tami eng youtube  twitter facebook

    කියුබාවේ නිෂ්පාදිත ගුණාත්මක පිළිකා ඖෂධ ශ්‍රී ලංකාවට ගෙනඒම සදහා රාජත්‍රාන්ත්‍රික ගිවිසුමක්

    මැයි 02, 2018
    කියුබාවේ නිෂ්පාදිත උසස් වර්ගයේ පිළිකා ඖෂධ සහ තවත් ඖෂධ ශ්‍රී ලංකාවට ගෙනඒම සදහා රාජත්‍රාන්ත්‍රික ගිවිසුමක් ඉදිරියේ දී අත්සන් කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.
    වස විෂවලින් තොර ආහාර නිෂ්පාදනය කිරීමේ හා ප්‍රචලිත කිරීමේ වැඩසටහන යටතේ බොරැල්ල ආයුර්වේද රෝහලේ පෝෂණ මන්දිරය විවෘත කිරීමේ අවස්ථාවට පසුගියදා එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.
     
    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා - මම ජාත්‍යන්තර සෞඛ්‍ය සමුලුවක් සදහා සතියක කාලයක් කියුබාවට ගොස් සිටියා. එහිදී කියුබාවේ සෞඛ්‍ය අමාත්‍යවරයා හමු වී පිළිකා ඖෂධ ඇතුලු තවත් ඖෂධ වර්ග ශ්‍රී ලංකාවට ආනයනය කිරීම පිළිබදව සාකච්ඡා කළා. කියුබාවේ ඉතා ගුණාත්මකබවින් යුත් ඖෂධ නිෂ්පාදනය කරනවා. එම ඖෂධ මෙතෙක් ශ්‍රී ලංකාවට ලැබුනේ අතරමැදියන් මගින්. එම තත්ත්වය මගහරවමින් රාජත්‍රාන්ත්‍රික ගිවිසුමක් අත්සන් කර රජය මගින් සෘජුවම ඖෂධ ගෙන්වීමට කටයුතු කරනවා. ඒ සදහා ඉදිරියේ දී තවත් සාකච්ඡා වට කිහිපයක් පැවැත්වීමට නියමිතව තිබෙනවා. නව වැඩසටහන් සිදු කිරීමේ දී දුක්විදීමට සිදු වෙනවා. බුමුතුරුණු මගින් එහි සාර්ථකත්වය ලැබෙන්නේ නැහැ. මම වමේ ව්‍යාපාරයේ සිටින විටත් සමාජවාදය ගොඩනැගීමට දිවයින පුරා යමින් දුප්පතුන් වෙනුවෙන් සේවය කළා. යහපාලන රජය බිහි කිරීමටත් කටයුතු කළේ දුක් විදිමින්. එම යහපාලනය තේරෙන්නේ කිහිපදෙනෙකුට පමණයි. රජයට සම්බන්ධ කිසිවෙක් වැරැද්දක් කළාම දෝෂාරෝපණය කරනවා. මෙම යහපාලන රජය බිහි කරමින් සිදු කළ පරිවර්ථනය ලෝකය පිළිගත්තත් ඇතැම් ශ්‍රී ලාංකිකයින් පිළිගන්නේ නැහැ.
    වස විසෙන් තොර ආහාර ප්‍රචලිත කිරීමට අපි පියවර ගත යුතුයි. එදා පාර්ලිමේන්තුවේ දී සුප් වීදුරුවක් පානය කළ මන්ත්‍රීවරුන් අද කොළ කැද පානය කරනවා. එම තත්ත්වය ඇති කළේ හිටපු දේශීය වෛද්‍ය අමාත්‍ය වි.ජ.මු ලොකු බණ්ඩාර මහතායි. දේශීය වෛද්‍ය ක්‍රම ද අපි දියුණු කළ යුතුයි. නාවින්න බණ්ඩාරනායක පර්යේෂණ ආයුර්වේද මධ්‍යස්ථානයේ වැඩ නොකරන පිරිසකුත් ඉන්නවා. විවිධ දේශපාලන මතිමතාන්තර යටතේ තමයි ඔවුන් කටයුතු කරන්නේ. දේශීය වෛද්‍ය විද්‍යාව නව ගමනකට යොමු කළ යුතුයි. ඇතැම් ශ්‍රී ලාංකිකයින් දේශීය කිවුවාම කැමැති නැහැ. විදේශීය රටවලින් එන කෑම වේලත් එවැනි අයට හොදයි. නමුත් ඇමරිකා එක්සත් ජනපදය මේ වන විට තිරිගු පිටි භාවිතයෙන් ඉවත් වෙලා වෙනත් ධාන්‍ය වර්ග භාවිත කිරීමට පුරුදු වී සිටිනවා.
     
    මෙහිදී සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් දේශිය බීජ, අල වර්ග සහ දේශීය ඖෂධ පැළෑටි ත්‍රිවිධ හමුදාවට පරිත්‍යාග කිරීමක් ද සිදු කෙරිනි.
     
    මෙම අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ දේශීය වෛද්‍ය අංශයේ අතිරේක ලේකම් ගීතාමනි කරුණාරත්න මහත්මිය ඇතුලු විශාල පිරිසක් එක්ව සිටියහ. 

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya