ජනවාරි 19, 2025
tami eng youtube  twitter facebook

    ක්මාන්ඩෝ රෙජිමේන්තුවට නව නිලධාරි නිවස්නයක් විවෘත වෙයි

    මැයි 06, 2018

    ගණේමුල්ල ප්‍රදේශයේ ස්ථානගත ශ්‍රී ලංකා යුද්ධ හමුදා ක්මාන්ඩෝ රෙජිමේන්තු මූලස්ථාන පරිශ්‍රයේ කලාත්මකව ඉදිකරන ලද නව නිලධාරි නිවස්නය විවෘත කිරීමේ උත්සවය යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතාගේ ප්‍ර‍ධානත්වයෙන් පැවැත්විණි.

    මෙහිදී යුද්ධ හමුදාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ජ්‍යෙෂ්ඨ නිලධාරින් ඇතුළු පිරිස නිලධාරීන් සඳහා සපයා ඇති පහසුකම් පිළිබඳ සොයා බලමින් ඉදිකළ  නිලධාරි නව නිවස්නයේ කාමර කිහිපයක්, ආලින්දය සහ අමුත්තන් සඳහා වෙන් කළ ප්‍රදේශය නිරීක්ෂණය කළහ.

    මෙම උත්සවය සඳහා යුද්ධ හමුදාධිපතිරයාගේ පැමිණිම සහ නව ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා ලබාදුන් දායකත්වය අගය කරමින්, ක්මාන්ඩෝ රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් රැල්ෆ් නුගේරා මහතා විසින් සංකේතාත්මක සමරු තිළිණයක් ද යුද්ධ හමුදාධිපතිවරයා වෙත පිරිනමන ලදී.

    අනතුරුව, නව නිලධාරි නිවස්නය විවෘත කිරීම සහ මෙම සංචාරය සනිටුහන් කරමින් යුද්ධ හමුදාධිපතිවරයා සංකේතාත්මකව විශේෂ අමුත්තන් සඳහා වූ පොතේහි සමරු සටහනක් ද තැබීය.

    මෙම උත්සවය අවසානයේ යුද්ධ හමුදාධිපතිවරයා ක්මාන්ඩෝ රෙජිමේන්තුවේ සෙබලුන්ගේ සුබසාධනය වෙනුවෙන් මූල්‍යමය වවුචරයක් ද රෙජිමේන්තු අධිපතිවරයා වෙත පිරිනමනු ලැබීය.

    මෙම ව්‍යාපෘති යුද්ධ හමුදා මූලස්ථානය, ක්මාන්ඩෝ රෙජිමේන්තුව සහ අනෙකුත් අනුග්‍රහකයින්ගේ දායකත්වය ඇතිව 2015 වර්ෂයේ ආරම්භ කරන ලද අතර ඉදිකිරීම් කටයුතු 2018 වර්ෂයේ දී නිමකරන ලදි.

    මෙම උත්සවය සඳහා යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී චන්ද්‍රිකා සේනානායක මහත්මිය ඇතුළු පිරිසක් සහභාගි වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya