ජනවාරි 19, 2025
tami eng youtube  twitter facebook

    මාර්ග අනතුරු අවම කර ගැනීමට, ආකල්ප පාලනය ද අත්‍යාවශ්‍යයි - අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා

    මැයි 10, 2018
    ශ්‍රී ලංකාවේ මාර්ග අනතුරු අවම කිරීම පිළිබඳව අපිට අභියෝගයන් රැසකට මුහුණ දිය යුතුව ඇති අතර දිනෙන් දින ශ්‍රී ලංකාවේ මාර්ගවලට එකතුවන රථවාහන ඇණිය එක් අභියෝගයක්ව ඇති බවත් පෞද්ගලික රථවාහන භාවිතය පිළිබඳව මිනිසුන් තුළ තිබෙන ආකල්පය වක්‍රව මේ කරුණට බලපාන අතර මේ නිසා මාර්ග තදබදය හා මාර්ග අනතුරු සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යන බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.
     
    අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද (10) මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව සංවිධානය කළ දේශීය හා විදේශීය විද්වතුන්ගේ සහභාගිත්වයෙන් කොළඹ කිංන්ස්බරි හෝටලයේ පැවති උත්සවයකදීය.
     
    ශ්‍රී ලංකාවේ මාර්ග ආරක්ෂාව පිළිබඳ උනන්දු වන ලෝක සෞඛ්‍ය සංවිධානයට, තමා මුලින්ම ස්තුති කළ අතර ම ශ්‍රී ලංකාව මුහුණ දෙන අභියෝගයක් වන මාර්ග අනතුරු ඉහළ යාමේ ප්‍රවණතාව අඩු කර ගැනීම සඳහා කටයුතු කිරීමට ප්‍රවාහන අමාත්‍යාංශය, ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුළු ආයතන ගණනාවක් කටයුතු කළද දිනෙන් දින මාර්ග අනතුරු ඉහළ යන බවද අමාත්‍යවරයා ප්‍රකාශ කරයි.  
     
    මෙයට හේතුව වන්නේ දිනෙන් දින ශ්‍රී ලංකාවේ මාර්ග පද්ධතියට අලුතින් මෝටර් රථ එක් වුවද ඒ හා සමගාමීව මාර්ග පද්ධතිය පුළුල් නොවන බව පෙන්වාදෙන අමාත්‍යවරයා මේ තත්ත්වයට මුහුණ දීමට දුම්රිය වැනි ප්‍රවාහන සේවාවන් ශක්තිමත් කළ යුතු වෙනවා වගේම භාණ්ඩ ප්‍රවාහනය දුම්රිය මගින් කිරීම තුළින් මාර්ග තදබදය අවම කරගත හැකි බවත් පෙන්වා දෙයි.
     
    මාර්ග තදබදය හා සම්බන්ධ වන තෙල් බවුසර් හා කන්ටේනර් ඇතුළු බර වාහන පිළිබඳවත් පාසල් සිසුන් ප්‍රවාහන කරන වෑන්, බස්රථ හා ත්‍රීවිල් වළිනුත් මාර්ග තදබදය හා අනතුරු වීම් සිදු වන බැවින් මේ පිළිබඳව විශේෂ නිතීරීති හා වැඩපිළිවෙළක් සකස් කළ යුතු යැයි ද අමාත්‍යවරයා කීය.
     
    ඒ වගේම හදිසි අනතුරකදී රක්ෂණ සමාගම් විසින් ගෙවන මුදල කඩිනමින් ගෙවීමටත්, තුන්වන පාර්ශවය වෙනුවෙන් රක්ෂණ ගෙවීම නිතී මගින් ක්‍රියාත්මක කිරීමටත්, එම ප්‍රමාණය වැඩි කිරීමට කටයුතු කළ යුතුයැයි ද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
     
    මෙම අවස්ථාවට ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ, අමාත්‍යාංශ ලේකම් ජී.එස්.විතානගේ, මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ සභාපති වෛද්‍ය සිසිර කෝදාගොඩ ඇතුළු ආයතන ප්‍රධානීන් හා ලෝක සෞඛ්‍ය සංවිධානයේ උපදේශක ආචාර්ය පතාන්ජලී නායර්, අධ්‍යක්ෂ ආචාර්ය රෝහිත් බලුජා යන නිලධාරීන්ද සහභාගී වුහ.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya