ජනවාරි 19, 2025
tami eng youtube  twitter facebook

    අධිකරණ සංශෝධන පනත සම්මතවීම ජයග්‍රහනයක්

    මැයි 10, 2018

    දූෂණය පිළිබඳව ස්ථීර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිශ්චය මණ්ඩල පිහිටුවීම සඳහා අවශ්‍ය කරන නීතිය සම්මත කර ගන්න සමත් වූ බව විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති රාජ්‍ය අමත්‍ය අජිත් පී. පෙරේරා මහතා අද (10) පාර්ලිමේන්තු  සංකීර්ණයේ පැවැති මාධ්‍ය හමුවකදී පැවසී ය.

    ''අධිකරණ සංශෝධන පනත ඊයේ දෙවැනිවර කියවීම වැඩි ඡන්දයෙන් සම්මත් අවුණා. තෙවැනිවර ඒකමතිකව සම්මත අවුණා. මෙය වැදගත් දෙයක්. සංශෝධනවලට මුළු පාර්ලිමේන්තුව මඑකඟ වුණා කියන එකයි තේරුම.රජය හැටියට විශ්වාස කරනවා එය ජයග්‍රහනයක් කියලා. ''

    '' වේගවත්ව නඩු විභාග කිරීමේ අලුත් ක්‍රමවේදය තුළ රජය බලය අයුතු ලෙස භාවිතා කරයි කියලා,සැකයක් ඇති වුණා. ඒ අවදානම පිළිබඳව අවධානය යොමු කළ ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළා, තියෙන ලෙස සම්මත කරන්න තුනෙන් දෙකක් අවශ්‍යයි කියලා . සාමාන්‍ය බහුතරයකින් සම්මත කරන්න නම්, අග්‍රවිනිශ්චයකාරවරයා අවසාන බලය, එනම් නඩුව ස්ථීර ත්‍රිපුද්ගල මහාධිකරණ අධිකරණයක විභාග කරනවද නැද්ද කියන අවසාන බලය අගවිනිසුරුවරයාට ලබාදුන් විට, බලය අයුතු ලෙස නීතිපතිවරයා හෝ අල්ලස් දූෂණ අධ්‍යක්ෂ ජනරාල්වරයා හෝ පාවිච්චි කරාවිය යන අවධානම නොමැතිවන බව ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවේ ප්‍රකාශ කර සිටියා. මේ තුළට සංවරණ හා තුලන ඇතුළත් කළා.ඒ අනුව තීන්දුව අනුව අවසාන බලය අග්‍රවිනිශ්චයකාරවරයාට බාර දී තිබෙනවා.''

    '' මෙය ජයග්‍රහනයක්. සමහර අය කිව්වා, මෙහෙම විශේෂ අධිකරණ ගොඩනගන එක කරන්න බැහැ කියලා. පසුව කිව්වා නීතිවිරෝධී කියලා. අද වනවිට ඒකමතිකව පනත් කෙටුම්පතක් සම්මත කරන්න අප සමත් වී තිබෙනවා .''

    ''බරපතල නඩුවල ප්‍රමාදය ගැන අද සමාජය දැනුවත්. අප සමත් වී තිබෙනවා, මූල්‍යමය දූෂණ පිළිබඳව ස්ථීර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිශ්චය මණ්ඩල පිහිටුවීම සඳහා අවශ්‍ය කරන නීතිය සම්මත කර ගන්න. දැන් තියෙන්නේ මෙය ක්‍රියාත්මක කරන්නයි.''

    ''දැන් කියන්නේ නීතිය ගෙනාවට නඩු ප්‍රායෝගිකව අහන්නේ නෑ කියන කතාවයි. මේ ප්‍රමාදය වළක්වා ගන්න මූලික කරණා ගණනාවක් රජය විසින් මේ වනවිට ක්‍රියාත්මක කර අවසන්. පළමු කරුණ තමයි බරපතල අපරාධ විභාග කිරීම සඳහා මහාධිකරණ විනිසුරුවරුන්ගේ අඩුවක් තිබීම සම්පූර්ණ කිරීමට කටයුතු කිරීම. එම අඩුව පිරිමැසීම සඳහා 110ක් මහාධිකරණ විනිසුරුවරුන් පත් කළ හැකියි.''

    ''දැනට ඉන්නේ විනිසුරුවරුන් 75යි. යුක්තිය පසිඳලීම මේ නිසා ඉක්මන් කළ හැකියි. නීතිපති දෙපාර්තමේන්තුවේ ප්‍රමාදය අනෙක් කරුණ. නීතිපති දෙපාර්තමේන්තුවේ මුලින් අනුමත වූ නීතිඥවරු සංඛ්‍යාව 113ක් . අපට හැකියාව ලැබුණා,මේ සංඛ්‍යාව 213 දක්වා වැඩි කරන්න. මේ අනුව අලුතෙන් අධිනීතිඥවරු 100ක් බඳවා ගැනීමට නීතිමය අනුමැතිය ලබුණා. රජයේ සමාන්‍ය වැටුප නිසා එතරම් කැමැත්තක් දැක්වුවේ නෑ නීතිපති දෙපාර්තමේන්තුවට බැදෙන්න. රජය මේ වනවිට වැටුප සාමාන්‍ය රජයේ වැටුපට වඩා ඉහළ මට්ටමක තියලා නීතිපති දෙපාර්තමේන්තුවේ ගෞරවය ඉහළ නැංවීමට කටයුතු කර තිබෙනවා. ''

    ''කතානායකතුමා මේ පනතට අත්සන් තබනවා. අදාළ ගැසට් නිවේදනය නිකුත් කර අධිකරණ අමාත්‍යතුමියගෙන් ඉල්ලා සිටිනවා, අඩුම තරමින් බස්නාහිර පළාත තුළ පළාත් බද මහාධිකරණ තුණක, ස්ථීර ත්‍රිපුද්ගල මහාධිකරණ තුනක් නම් කර පිහිටුවන්න කියල. දැනටමත් සැලකිය යුතු සූදානමක් තිබීම සතුටට කරුණක්.''

    '' මීට අමතරව තවත් අධිකරණ 10ක් මේ රටේ පිහිටුවෙනවා.ඒව බොහොමයක මූලික කටයුතු අවසන් වී තිබෙනවා. ළමයින්ට එරෙහි කරන අපරාධ වෙනුවෙන් තවත් මහාධිකරණයක් කොළඹ පිහිටුවෙනවා. බඳවාගැනීම් ඉක්මනින් කළ හොත් මේ සියල්ල ඉක්මන් කළ හැකියි. ඉක්මනින් මේ අධිකරණවල නඩු ඇසීමට පියවර ගනිවි යැයි සිතනවා ''යැයි ද රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya