ජනවාරි 19, 2025
tami eng youtube  twitter facebook

    වෘත්තීය කුසලතාවය,ආකල්ප දියුණුව තරුණ පරපුර තුළ ඇතිකළ යුතුයි

    මැයි 11, 2018

    වෘත්තීය කුසලතාවය මෙන්ම ආකල්ප දියුණුවද තරුණ පරපුර තුළ ඇතිකළ යුතු බව අග්‍රාමාත්‍ය කාර්යමණ්ඩල ප්‍රධානී, තරුණ කටයුතු, ව්‍යාපෘති කළමනාකරණ සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා පවසයි.

    රත්මලාන, ලලිත් ඇතුලත්මුදලි වෘත්තිය පුහුණු මධ්‍යස්ථානයේ ඉදිකරන ලද නව පුහුණු ගොඩනැගිල්ල විවෘත කිරීම ඊයේ (10) අග්‍රාමාත්‍ය කාර්යමණ්ඩල ප්‍රධානී, තරුණ කටයුතු, ව්‍යාපෘති කළමනාකරණ සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

    ලලිත් ඇතුලත්මුදලි මැතිතුමන්ට උපහාර පිණිස දරු දැරියන්ගේ සුබ සිද්ධිය පිණිස ගොඩනංවන ලද මෙම ආයතනය පසුකාලීනව ජාතික තරුණ සේවා සභාවට ලබාදී ඇති අතර ඒ අනුව ලෝක බැංකු ආධාර යටතේ මෙම ගොඩනැගිල්ල නවීන තාක්ෂණයෙන් යුක්තව ඉදිකර ඇත.

    දියුණු තාක්ෂණික සහ උසස් වෘත්තීය පාඨමාලා ඉගැන්වීමට සුදුසු අධ්‍යන පරිසරයක් සහිතව නිමවා ඇති මෙහි මෝටර් කාර්මික, තාරතුරු තාක්ෂණය, ත්‍රිමාණ මුද්‍රණය, පෙර පාසල් පාලිකාවන්, රූපලාවන්‍ය ශිල්පය ඇතුළු නවීන වැඩ ලෝකයට අවශ්‍යවන පාඨමාලා රැසක් පිළිගත් සහතික පත්‍ර යටතේ ඉගැන්වෙනු ඇත.

    එහිදී උත්සව සභාව අමතමින් අමාත්‍ය සාගල රත්නායක මහතා කියා සිටියේ, මෙලෙස ගොඩනැගිලි පහසුකම් සහ ඉහල කැපවීමක් සහිත මානව සම්පත් සිටින වෘත්තිය පුහුණු මධ්‍යස්ථාන රැකියා වෙළඳපොල තුළ පවත්නා ඉල්ලුම හඳුනාගනිමින් ඊට සරිලන අභ්‍යාස ලාභීන් බිහිකළ යුතු බවත් එම ඉලක්ක ජයගැනීම සඳහා රජයේද නොමද සහයෝගය ලබාදෙන බවය.

    මෙම අවස්ථාවට ජාතික තරුණසේවා සභාවේ සභාපති, එරන්ද වැලිඅන්ගේ මහතා ඇතුළු නිලධාරීන් සහ එහි අධ්‍යාපනය ලබන සිසු සිසුවියන් රැසක් එක්ව සිටියහ.​

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya