ජනවාරි 19, 2025
tami eng youtube  twitter facebook

    පාසල් සිසුන් 45 ලක්ෂකට ජීවිත රක්ෂණය ලබා දුන්නා- අධ්‍යාපන ඇමැති

    මැයි 12, 2018

    ශ්‍රී ලංකාවේ ප්‍රථමවරට පසල් සිසුන් සඳහා සුරක්ෂා නමින් ජීවිත රක්ෂණ ක්‍රමයක් ආරම්භ කළේ,මේ ආණ්ඩුව බවත් එයින් රජයේ සහ පෞද්ගලික පාසල් හා පිරිවෙන්වල අධ්‍යපනය ලබන 45 ලක්ෂයක් පමණ වන සිසුන්ට රුපියල් ලක්ෂ දෙකක රක්ෂ්නයක් ලබා දී ඇති බව අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහත පවසයි.

    එසේම ජාතික ආණ්ඩුවක් ලෙස අධ්‍යාපන හා සෞඛ්‍ය ක්ෂේත්‍රවල දියුණුවට ගත වූ වසර තුන තුළ විශාල වැඩකොටසක් කර ඇති බව ද පසුගිය දා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමින් පැවසී ය.

    ප්‍රධන නගරවල ජනප්‍රිය පාසල්වලට තිබෙන පහසුකම් වර්තමාන රජය විසින් ගම්බද පාසල්වලට ද ලබ දී අති බවද රජයේ පාසල්වලින් සියයාට් 60%කට විදුලිය සපයා දී ඇති බව ද පාසල් රැසකට වැසිකිළි හා ජල පහසුකම් සපයා දී අති බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ය.

    බඩු මිල ඉහල ගොස් ඇති බව සමහරුන් ප්‍රකාශ කළත් අද පවතින බඩු මිල 2015 ජනවාරි මාසයේ තිබූ බඩු මිලට වඩා අඩු බවද අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya