ජනවාරි 19, 2025
tami eng youtube  twitter facebook

    ප්‍රාදේශීය ලේකම් කාර්යාල නව දෙමහල් ගොඩනැගිල්ලකට මුල්ගල තැබීම අද

    මැයි 14, 2018

    ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ මුල්‍ය ප්‍රතිපාදන මත බදුල්ල පරිපාලන දිස්ත්‍රික්කයේ මහියංගණය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නව දෙමහල් පරිපාලන ගොඩනැගිල්ලට මුල්ගල තැබිම, සොරණතොට සහ බදුල්ල ප්‍රාදේශිය ලේකම් නිල නිවස සහ බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාල නිල නිවාස සංකීර්ණය විවෘත කිරීම ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (14) සිදු කිරිමට නියමිතය.

    ජනාධිපති මෙමත්‍රිපාල සිරිසේන මහතාගේ උපදෙස් මත අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ මගපෙන්විමෙන් මෙම සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කෙරේ.

    මහියංගණය ප්‍රාදේශීය ලේකම් කාර්යාල නව දෙමහල් ගොඩනැගිල්ල සඳහා වැය කිරිමට අපේක්ෂිත මුදල රුපියල් ලක්ෂ 1530 කි.
     
    මෙයට සමගාමීව මහියංගණය, රිදීමාලියද්ද සහ කන්දකැටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයන්හි නිලධාරී හමුව සහ ක්ෂේත්‍ර නිලධාරින් සඳහා රාජකාරි ගමන් මලු ප්‍රදානයද මෙදින සිදු වන අතර මීගහකිවුල සහ හිඟුරුගමුව  නිල සෙවණ කාර්යාල ද ජනතා අයිතියට පත් කිරීම ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතාගේ අතින් සිදු කෙරේ.
    මෙම එක් නිල සෙවණ කාර්යාලයක් සඳහා රජය වෙන් කරන ලද මුදල රුපියල් ලක්ෂ 20 කි. ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ මූල්‍ය ප්‍රතිපාදන මත 2020 අවසානය වනවිට ''නිල සෙවණ" කාර්යාල 14,000 ක් ඉදිකිරීමට නියමිත ඇති අතර ඒ මගින් කාර්යක්ෂම, විශ්වසනීය හා ගුණාත්මක රාජ්‍ය සේවයක් ගමේ ජනතාව අතරට ගෙන යාම සඳහා අවස්ථාවක් ලැබෙනු ඇත.

    මෙම අවස්ථාව සඳහා බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු සහ පළාත් සභා මැති ඇමතිවරු සහභාගිවිමට නියමිතය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya