ජනවාරි 19, 2025
tami eng youtube  twitter facebook

    ශ්‍රී ජයවර්ධනපුර නව ව්‍යාපෘතියෙන් වාසි රැසක්

    මැයි 14, 2018

    මූලික යටිතල පහසුකම් ඇතිකිරීමේදී ජනතාව අතර මතුවන දුර්මත තුරන්කර නිසි අවබෝධය ලබා දීමට ප්‍රදේශයේ ජනතා නියෝජිතයන්ගේ සහයෝගය බලාපොරොත්තුවන බව නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍ය රවුෆ් හකීම් මහතා  පවසයි.

    ජයවර්ධනපුර, කොට්ටේ අපජල කළමනකරණ හා පිරිසිදු කිරීමේ මධ්‍යස්ථානය පිළිබඳව ප්‍රදේශයේ ජනතා නියෝජිතයන්ට හා නිලධාරීන්ට පැහැදිලි කිරීමේ සාකච්ඡාවක් අමාත්‍යවරයාගේ ප්‍රධානතවයෙන් පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පැවැත්වු අවස්ථාවේ දී මේ බව අනාවරණය කළේය.

    අමෙරිකානු ඩොලර් මිලියන 300ක ජපන් ණය අධාරයෙන් ජපානු තාක්ෂණය යොදාගනිමින් මෙම පරිසර හිතකාමි ව්‍යාපෘතියෙන් ප්‍රදේශයේ ඇතිවන ගං වතුර තර්ජනයද වලක්වාලීමට ක්‍රමවේදයක්ද නිර්මාණ කටයුතුවලට සැලසුම් කර ඇත.

    මෙම ශ්‍රී ජයවර්ධනපුර අපජලය එකතුකර, පවිත්‍රකර හා බැහැරලීමේ පද්ධතිය ඇමරිකානු ඩොලර් මිලියන 300ක ජයිකානු අධාරයෙන් ජපන් තාක්ෂණය යොදාගනිමින් ඉදිවන ව්‍යාපෘතියකි.

    කඩුවෙල, බත්තරමුල්ල, රාජගිරිය, ඇතුල්කොට්ටේ, නුගේගොඩ, කිඹුලාවල යන ප්‍රදේශ ආවරණය කරමින් 222,000ක ජනගහනයක් මෙම ව්‍යාපෘතියෙන් ප්‍රතිලාභ හිමිවේ. තවදශ්‍රී ලංකා පාර්ලිමේන්තුව සෙත්සිරිපාය, සුහුරුපාය, වැනි රජයේ ආයතන 235ක් මෙයට අන්තර් ගතවන අතර මෙමගින් හෙක්ටයාර 3,000ක භූමි ප්‍රමාණයක් ආවරණය වේ.

    මෙම පවිත්‍රාගාරයේ  ධාරිතාවය දිනකට ඝන මීටර් හතලිස්දාහක් වේ. තවද මෙම ව්‍යාපෘතිය මගින් මෙහි සඳහන් කරන ලද ප්‍රදේශවල භූගත ජලයේ පවිත්‍රතාවය රැකගැනීමටද අවකාශය ඇතිවේ. මෙම ව්‍යාපෘතිය දියවන්නා ඔය ඇතුළු ජල මූලාශ්‍රවල ජල පිරිසිදුව තබා ගැනීමටද රුකුලක් වේ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya