ජනවාරි 19, 2025
tami eng youtube  twitter facebook

    ලෝක ඇදුම දිනය නිමිත්තෙන් මහනුවර පගමක් සහ සෞඛ්‍ය සායනයක්

    මැයි 14, 2018

    ලෝක ඇදුම දිනය නිමිත්තෙන් මහනුවර නගරයේ දී පගමක් සහ සෞඛ්‍ය සායනයක් පැවැත්වීමට නියමිත බව ශ්‍රී ලංකා ශ්වසන රෝග විශේශඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ ලේකම්, හම්බන්තොට රෝහලේ, ශ්වසන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය බෝධි සමරසේකර මහතා පැවසීය.

     ලෝක ඇදුම රෝග දිනය (මැයි 01) වෙනුවෙන් මාධ්‍ය දැනුවත් කිරීම සඳහා කොළඹ, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (14) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවට සහභාගීවෙමින් වෛද්‍ය සමරසේකර මහතා මේ බව පැවසී ය.

    ජූනි 05 දිනට යෙදී තිබෙන පරිසර දිනය දී මහනුවර නගරයේ දී ශ්වසන රෝග පිළිබඳ දැනුවත් කිරීමේ පාගමනක් පවැත්විමට නියමිතය. එමෙන් ම කැන්ඩි සිටි සෙන්ටර් හී දී පෙනහළු පරීක්ෂා කිරීමේ සායනයක් ද පවැත්වෙන බවත් ඒ සඳහා ජනතාවට සහභාගී වන ලෙසත් වෛද්‍ය බෝධි සමරසෙකර මහතා ප්‍රකාශ කළේ ය.

    ඇදුම රෝගය ලෝකයේ සැළකිය යුතු ප්‍රතිශතයකට තිබෙන බවත් මින් ආර්ථිකයට ද යම් බලපෑමක් සිදු වන බවත් රෝගය පාලනය කිරීම සඳහා දැනුවත් කිරීම වැදගත් බවත් වෛද්‍ය සමරසේකර මහතා පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya