ජනවාරි 19, 2025
tami eng youtube  twitter facebook

    කිලිනොච්චියේ පාසල් අධ්‍යාපනය නගා සිටුවීමට කොරියාවෙන් පරිත්‍යාගක්

    මැයි 17, 2018

    දශක තුනක කාලයක් පුරා පැවති යුද්ධය හේතුවෙන් කඩා වැටුණු කිලිනොච්චි දිස්ත්‍රික්කයේ පාසල්වල අධ්‍යාපන කටයුතු නගා සිටුවීම සඳහා  අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ඉල්ලීමක් අනුව දකුණු කොරියාවේ කොයිකා (KOICA) ආයතනය රුපියල් මිලියන 1,200කට ආසන්න මුදලක් පරිත්‍යාගයක් ලෙස ලබාදීමට තීරණය කර තිබේ.

    ඒ සඳහා වන  ගිවිසුමට කොයිකා ආයතනය වෙනුවෙන් එහි දේශිය නියෝජිත ලී ඩොන් කු (Lee Dong Ku) මහතා,  අධ්‍යාපන අමාත්‍යාංශය වෙනුවෙන් අධ්‍යාපන ලේකම් සුනිල් හෙට්ටිආරච්චි මහතා සහ විදේශ සම්පත් දෙපාර්තමේන්තුව වෙනුවෙන් එහි අධ්‍යක්ෂ ජනරාල් ප්‍රියන්ත රත්නායක මහතා පසුගියදා අධ්‍යාපන අමාත්‍යාංශයේ දී  අත්සන් කළේය.
     

    මේ යටතේ කිලිනොච්චි දිස්ත්‍රික්කයේ තෝරාගත් පාසල්වල ගොඩනැගිලි හා විශේෂ පන්ති කාමර ඉදිකිරීමට සැලසුම් කර ඇති අතර විදුහල්පතිවරුන්, ගුරු උපදේශකවරුන් සහ අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් සඳහා දේශිය හා විදේශීය පුහුණු අවස්ථා ලබාදීමටත් මීට අමතරව මාපියන් සහ ජනතාව දැනුවත් කිරීමේ කටයුතු සිදු කිරීමටත් සැලසුම් කර තිබේ.

    අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පසුගිය වසරේ දකුණු කොරියාවේ සිදු කරන ලද සංචාරයක දී කරනු ලැබූ ඉල්ලීමකට අනුව කොයිකා ආයතනය මෙරට අධ්‍යාපන පහසුකම් නගා සිටුවීමට ලබා දෙන  මුල්‍ය පරිත්‍යාග වැඩිකිරීමට කැමැත්ත පළ කර තිබේ. ඒ අනුව කිලිනොච්චි දිස්ත්‍රික්කයේ පාසල් අධ්‍යාපනය නගා සිටුවීමට ලබා දෙන මෙම පරිත්‍යාගයට අමතරව මේ වන විට රුපියල් මිලියන 1,911 ක ආයෝජනයක් සහිතව අධ්‍යාපන අමාත්‍යාංශය සහ කොරියානු ජනරජයේ KOICA ආයතනයේ ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙස කුලියාපිටිය ජාතික තාක්ෂණ අධ්‍යාපන විද්‍යා පීඨයේ ඉදිකිරීම් කටයුතු  ද පසුගිය වසරේ ජුනි මස ආරම්භ කළේය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya