ජනවාරි 19, 2025
tami eng youtube  twitter facebook

    ස්වාධීන රූපවාහිනියේ නව සභාපතිනිය රාජකාරී ආරම්භ කරයි

    මැයි 17, 2018

    මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (සැලසුම් හා සංවර්ධන) ජේ.එම්. තිලකා ජයසුන්දර මහත්මිය ස්වාධීන රූපවාහිනියේ සභාපතිනිය ලෙස අද (17) පෙරවරුවේ සිය රාජකාරි ආරම්භ කළාය.

    ස්වාධීන රූපවාහින ආයතනයෙහි සභාපතිය ලෙස කාන්තාවක් පත් වූ පළමු අවස්ථාව ද මෙය වේ.

    මෙම අවස්ථාවට රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නීතිඥ සුදර්ශන ගුණවර්ධන මහතා , ස්වාධීන රූපවාහිනි ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලය ඇතුළු නිලධාරින් පිරිසක් එක්ව සිටියහ.

     

    ශ්‍රී ලංකා පරිපාන සේවයේ පළමු ශ්‍රේණියේ නිලධාරිනියක වන ඇය මෙම පත්වීමට ලැබීමට පෙර අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු යනාදී ආයතන කිහිපයක ම සහකාර ලේකම්, අධ්‍යක්ෂ, අධ්‍යක්ෂ ජනරාල්, අතිලේක ලේකම් ධූරයන්හි කටයුතු කරමින් අත්දැකීම් බහුල ජ්‍යෙෂ්ඨ නිලධාරිනියක වූවාය.

     

    ශ්‍රී ලංකා පරිපාලන සේවයේ පළමු පත්වීම වනිතා කටුතු අමාත්‍යාංශයේ සහකාර ලේකම්වරිය ලෙස පරිපාලන සේවයේ රාජකාරී ආරම්භ කළ ඇය පසුව ජාතික ශිල්ප සභාවේ මෙන්ම මෝස්තර ශිල්ප සභාවේ අධ්‍යක්ෂ ධූරයේ කටයුතු කරමින් හරිත ශිල්ප වෙනුවෙන් සුවිශේෂි කාර්යභාරයක් ඉටුකරනු ලැබුවාය. අනතුරුව ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍යාංශයේ අධ්‍යක්ෂවරියක ලෙස කටයුතු කළ අතර කම්කරු අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ (සැලසුම්, සංවර්ධන,පර්යේෂණ) ධූරයෙහි කටයුතු කළ ජයසුන්දර මහත්මිය ජාතික ඵලදායීතා කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් ධූරයට පත් වූ පසුව ආසියානු ඵලදායීතා සංවිධානයේ ශ්‍රී ලාංකික ප්‍රධානියා ලෙස ද කටයුතු කළාය.

     

    දේශීය විදේශීය ජයග්‍රහණ රැසක් දිනාගත් ජයසුන්දර මහත්මිය ජපානයේ ටොකියෝ ආසියානු ඵලදායීතා සංවිධානයේ කර්මාන්ත අධ්‍යක්ෂ තනතුරට පත්වූයේ ආසියාවේ අවුරුදු 56කට පසුව පළමු ජපන් ජාතිකයෙකු නොවන විදේශික ජාතිකයෙකු එම තනතුරට පත් වූ ප්‍රථමයා ලෙස සුවිශේෂි වාර්තාවක්ද තබමිනි.

     

    ජාතික හා ජාත්‍යන්තර මට්ටමේ පුහුණුවීම් රැසක් හිමිකරගත් ඇය ජාතික හා ජාත්‍යන්තර මට්ටමින් ආසියානු ඵලදායීතා මට්ටමින් ආසියානු පැසිපික් කලාපයේ අනෙකුත් රටවල ඵලදායීතා සම්පත්දායිකාවක් ලෙස ද කටයුතු කරනු ලබන්නීය.

     

    ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය‍ෙන් සම්මාන සමාර්ථයක් සහිත සිය ප්‍රථම උපාධිය සම්පූර්ණ කළ ජයසුන්දර මහත්මිය පශ්චාත් උපාධි කිහියක්ම ලබාගනිමින් සිය ආචාර්ය උපාධියේ අධ්‍යයන කටයුතු ද ආරම්භ කර ඇත. රාජ්‍ය කළමනාකරණ පිළිබඳ විද්‍යාවේදී උපාධිය, වරලත් ගණකාධිකාරී පාඨමාලාව හදාරා තිබීම, තොරතුරු තාක්ෂණ පශ්චාත් උපාධිය සහ රාජ්‍ය කළමානාකරණය පිළිබඳ පශ්චාත් උපාධිය ද හිමි කර ගැනීමට ජයසුන්දර මහත්මිය සමත්වූවාය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya