ජනවාරි 19, 2025
tami eng youtube  twitter facebook

    කරාපිටිය සහ මාතර රෝහල් වලට අවශ්‍ය ඔක්සිජන් යන්ත්‍ර කඩිනමින් ලබාදෙන ලෙසට සුව ඇමැතිගෙන් නියෝගයක්

    මැයි 17, 2018
    දකුණු පළාතේ පැතිර යන වෛරසයට ගොදුරුව රෝහල් ගත කරන දරුවන්ට කඩිනම් ප්‍රතිකාර ලබාදීම සදහා අවශ්‍ය හයිෆො ඔක්සිජන් (highflow oxygen)   යන්ත්‍ර කඩිනමින් ගාල්ල කරාපිටිය රෝහලට සහ මාතර මහ රෝහලට ලබාදෙන ලෙස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාට දැනුම් දී ඇත.
    එම රෝහල්වල ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ ඉල්ලීම මත හදිසි අවස්ථාවක් ලෙස සළකා මෙම යන්ත්‍ර ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යවරයා කටයුතු යොදා ඇත.
    වැඩි වේගයකින් සහ පීඩනයකින් දරුවන්ට ඔක්සිජන් ලබාදීමට මෙම යන්ත්‍රවලට හැකියාවක් ඇති අතර, එහිදී හැකිළි ඇති පෙණහළු යළි විවරවීමක් සිදුවන බව ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන් පවසති. මෙම යන්ත්‍ර දේශීය මිල දී ගැනීම් යටතේ මිල දී ගැනීමට නියමිතය.
     
    මේ අතර දකුණූ පළාතේ පවතින වෛරස් උණ රෝගී තත්ත්වය පිළිබදව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය පරීක්ෂණයක් ද ආරම්භ කර ඇත.දැනට ගාල්ල කරාපිටිය සහ මාතර මහ රෝහල්වල ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන් ලබා දී ඇති උපදෙස් පිළිපදින ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියි. 

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya