ජනවාරි 19, 2025
tami eng youtube  twitter facebook

    අතුරුදහන්වූ පුද්ගලයන් පිළිබඳ කාර්යාලයේ දෙවැනි ජනහමුව මාතර දී

    මැයි 17, 2018

    අතුරුදහන්වූ පුද්ගලයන් පිළිබඳ කාර්යාලයේ දෙවැනි ජනහමුව මැයි 19 සෙනසුරාදා මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්වෙන බව අතුරුදහන්වූ පුද්ගලයන් පිළිබඳ කාර්යාලයේ සභාපති ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා ප්‍රකාශ කරයි.

    අතුරුදහන්වූ පුද්ගලයන් පිළිබඳ කාර්යාලය 2016 අංක 14 දරණ අතුරුදහන්වූ පුද්ගලයන් පිළිබඳ කාර්යාලය පනත යටතේ නීතිගත කර ඇති ස්ථිර කාර්යාලයකි.

    දිවයින පුරා සිදුකෙරුණු පුළුල් මහජන අදහස් විමසීමේ ක්‍රියාවලියකින් අනතුරුව රජය විසින් ගොඩ නගන ලද දේශීය සංහිඳියා යාන්ත්‍රණයක් ලෙස මේ කාර්යාලය සැළකෙයි. මෙම ජන හමුවේදී අතුරුදහන්වූ පුද්ගලයන්ගේ පවුල්වල සාමාජිකයන්, සිවිල් සමාජ සංවිධාන සහ ජනමාධ්‍ය නියෝජිතයන්ගේ අදහස් ලබා ගැනීමට බලාපොරොත්තු වෙයි.

    මේ සම්බන්ධයෙන් අතුරුදහන්වූ පුද්ගලයන් පිළිබඳ කාර්යාලය විසින් නිකුත් කරන ලද  මාධ්‍ය නිවේදනය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya