ජනවාරි 19, 2025
tami eng youtube  twitter facebook

    පොහොර අලෙවි කළ හැකි උපරිම මිල ගැසට් පත්‍රයකින් ප්‍රකාශයට පත්කිරීමට උපදෙස් දෙයි

    මැයි 18, 2018

    පොහොර වෙළඳපලේ අලෙවි කළ හැකි උපරිම මිල සඳහන් කර ගැසට් පත්‍රයක් වහාම ප්‍රකාශයට පත් කරන ලෙස තමන් කෘෂිකර්ම ලේකම්වරයාට උපදෙස් දුන් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේ ය.

    රජයට අයත් කොමර්ෂල් පොහොර සමාගමේ සහ ලක්පොහොර සමාගමේ අද දින පෙරවරුවේ (18) නිරීක්ෂණ චාරිකාවකට එක් වූ අමාත්‍යවරයා මේ වන විට එම සමාගම විසින් පොහොර බෙදාහැරීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග විමසීමට ලක් කළේ ය.

    ඒ අනුව මේ වන විට කොමර්ෂල් පොහොර සමාගම සතුව යූරියා පොහොර මෙ.ටො. 25,841 ක්, TSP පොහොර මෙ.ටො. 2,96,350 ක්, MOP පොහොර මෙ.ටො. 7,54,000 ක් වශයෙන් ගබඩා කර තිබෙන අතර ප්‍රාදේශීය ගබඩා සතුව මෙ.ටො. 14,250 ක පොහොර තොග තිබෙන බව එම සමාගමේ කලමනාකාරීත්වය අමාත්‍යවරයාට දැනුම් දුන්නේ ය.

    මේ හැර අද දින තවත් පොහොර මෙ.ටො. 996 ක් ද, මේ මස 22 වන දින තවත් පොහොර මෙ.ටො. 742 ක් ද, 27 වන දින තවත් පොහොර මෙ.ටො. 4,637 ක් පමණ ද, මැයි මාසය අවසන් වන විට තවත් මෙ.ටො. 3,950 ක් සහ ලබන ජුනි 15 වන දින පොහොර මෙ.ටො. 5,800 ක් ද ලැබීමට නියමිත ය.

    මෙවර යල කන්නය සඳහා කොමර්ෂල් පොහොර සමාගම මඟින් ආනයනය කරන ලද පොහොර ප්‍රමාණය මෙ.ටො. 22,125 කි. ඒ අනුව හිඟයකින් තොරව පොහොර ලබාදීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස අමාත්‍යවරයා කලමනාකාරීත්වයට දැනුම් දුන්නේ ය.

    මීට අමතරව පොහොර මිශ්‍ර කර අලෙවි කිරීමේ කටයුතු සඳහා ද කොමර්ෂල් පොහොර සමාගම සහ ලක්පොහොර සමාගම කටයුතු කළ යුතු අතර ඊට අවශ්‍ය පහසුකම් ලබාදීමට පියවර ගන්නා බව ද අවධාරණය කළේ ය.

    හිතුමතේ විවිධ මිල ගණන් යටතේ පොහොර අලෙවි කිරීමට කටයුතු කරන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා වැටලීම් මෙහෙයවන ලෙස පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට දැනුම් දී ඇති බවත්, ඒ නිසා වැඩි මිලට පොහොර අලෙවිකරන්නන් පිළිබඳව අවධානයෙන් සිටින ලෙස ද අමාත්‍යවරයා එම සමාගම් වලට උපදෙස් දුන්නේ ය.

    මෙම අවස්ථාවට පොහොර සමාගමේ සභාපති ජගත් පෙරේරා මහතාත්, ලංකා පෙහොර සමාගමේ සභාපති අමරනාත් අබේගුණසේකර මහතාත් සහභාගී වී සිටිය හ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya