ජනවාරි 19, 2025
tami eng youtube  twitter facebook

    ජනමාධ්‍ය අමාත්‍යංශය ප්‍රාදේශීය මාධ්‍යවේදීන් වෙනුවෙන් පෙනී සිටිනවා - ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය

    මැයි 18, 2018
    ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ට මාධ්‍යකරණයේ දී ප්‍රායෝගිකව මුහුණදීමට සිදුවන ගැටලු සම්බන්ධයෙන් ජනමාදය අමාත්‍යංශය නිරන්තරයෙන් පෙනී සිටින බව  මුදල් හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පෙන්වා දෙයි.
     
    අමාත්‍යවරයා මේ බව පෙන්වාදුන්නේ අද (18) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පැවැති "ජාතික සංහිඳියාව මෙරට තුළ ස්ථාපිත කිරීම සඳහා ජනමාධ්‍යවේදියා සතු කාර්යභාරය" පිළිබඳ කොළඹ දිස්ත්‍රික් ප්‍රාදේශීය මාධ්‍යවේදීන් දැනුම්වත් කිරීමේ වැඩමුළුවට එක්වෙමිනි. 
     
    මෙහිදී මාධ්‍යවේදීන් විසින් ඔවුන්ට පැන නැඟී ඇති යම් යම් ගැටළු සම්බන්ධයෙන් නියෝජ්‍ය අමාත්‍යවරයා දැනුම්වත් කිරීමට කටයුතු කළ අතර එහිදී ඉදිරිපත්කළ ගැටලු සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු ඉදිරියේ දී සොයා බලා කටයුතු කිරීමට ද කටයුතු කළේය.
     
    තමන් පමණක් නොව අමාත්‍ය මංගල සමරවීර මහතා ද ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ට ඇති ප්‍රායෝගික ගැටලු සම්බන්ධයෙන් යම් අවබෝධයකින් පසුවන බවත් කී නියෝජ්‍ය අමාත්‍යවරයා අවශ්‍යතා මත මෙන් අඳහස් මත ඉදිරියේ දී ක්‍රියා කිරීමට කටයුතු කරන බවත් පෙන්වා දුන්නේය.
     
    ජනමාධ්‍යවේදියාගේ වචනයක වෙනස බෝම්බයකට වඩා භයානක වන අවස්ථා ඇති බවත් එබැවින් ජාතික ප්‍රශ්න පිළිබඳ ව කතා කිරීමේ දී සාමකාමී විය යුතු මෙන් ම වචනවල වෙනස්කම් සිදු නොකළ යුතු අතර ම ඒ පිළිබඳව සැලකිලිමත් විය යුතු බව ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපති කොග්ගල වෙල්ලාල බන්දුල මහතා මෙම වැඩමුළුවේ අරමුණ පැහැදිලි කරමින් පැවසීය.
     
    ජාතික සංහිඳියාව පිළිබඳ කාරණාවේදී මාධ්‍යයට ඉඩ අවස්ථාව ලැබෙන සෑම අවස්ථාවකදීම ඒ පිළිබඳ ව කතා කළ යුතු අතර ම එය ඉතා තදින් කතා කිරීමක් විය යුතු බවත් ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
     
    මාධ්‍යකරණයේ දී මාධ්‍යවේදියා විසින් යොදාගන්නා යෙදුම් යම් පිරිසකට සිත් රිඳවීම් ඇතිවන බව නොසිතන බවත් ඒ හරහා ජාතීන් අතර ඇති දුරස්ථ භාවය තව තවත් වැඩිවනබව කැලණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යේෂඨ කථිකාචාර්ය අනුර ලොකු ලියන මහතා මෙහිදී "සංහිඳියාව සඳහා ජනමාධ්‍ය අචාර ධර්ම" මැයෙන් සිය දේශණය සිදු කරමින් පැවසීය.
     
    වර්ථමානය වන විට සමාජමාධ්‍ය ඉතා ප්‍රබල තත්ත්වයට පත්ව ඇතැයි ද එය ඉතා ඉක්මනින් ජනගත වන බවත් සමාජමාධ්‍ය බොහෝ විට සත්‍ය අසත්‍යතාවය විමසීමකින් තොරව පළවන අවස්ථා ඇති බවත් පෙන්වා දුන් අතර ම මාධ්‍ය වාර්තා කරණයේ දි මාධ්‍යවේදියා ඉතා සංවේදීව බහු ආගමික හා බහු ජාතීන් ජීවත්වන රටක ජීවත්වන බව සිතා කටයුතු කළ යුතු යැයි ද පෙන්වා දුනි.
     
    වර්තමානයේ දී මාධ්‍ය ඩිජිටල්කරණය වී ඇතැයි ද ඒ හරහා ප්‍රජාාවට ද ප්‍රතිචාර දැක්වීමේ අවස්ථාව ඇති බවත් මෙහිදී පෙන්වාදුන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් නීතිඥ සුදර්ශන ගුණවර්ධන මහතා ඒ සම්බන්ධයෙන් මාධ්‍ය ආයතන වගකීමෙන් යුතු ව ක්‍රියාකළ යුතු බවත් පෙන්වාදුනි.
     
    මාධ්‍ය වාර්තාකරණයේ දී සීමාවක් තුළ සිට කටයුතු කළ යුතු බවත් අඳහස් පළ කිරීම සිදු කළ හැකි වුවත් භාවිත කිරීම සම්බන්ධයෙන් වගකීමක් ඇතැයි ද පෙන්වාදුන් අධ්‍යක්ෂ ජනරාල්වරයා ක්‍රියාත්මකවීමේ දී සීමා පැනවිය නොහැකි බවත් එකිනෙකාගේ නිදහස හානි නොවන ආකාරයෙන් කටයුතු කළ යුතු යැයි ද වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
     
    මෙම වැඩමුළුව ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය විසින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ සහයෝගයෙන් යුතු ව සංවිධානය කොට තිබුණි.
     
     MG 0444
     
     MG 0341
     
     MG 0425
     
     MG 0469

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya