ජනවාරි 19, 2025
tami eng youtube  twitter facebook

    ස්වදේශ කටයුතු ඇමැති රත්නපුර රාජ්‍ය නිලධාරීන් හමුවෙයි

    මැයි 19, 2018

    ස්වදේශ කටයුතු අමාත්‍යංශය යටතේ සේවයේ නියුතු රත්නපුර දිස්ත්‍රික්කයේ රාජ්‍ය නිලධාරී හමුවක් අමාත්‍ය වජිර අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (19) රත්නපුර සීවලී ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතය.

    තවද,රත්නපුර නගරයේ පිහිටි නිවාඩු නිකේතනය මෙන්ම සමගිපුර, කොටාමුල්ල, නව නගරය, කුරුවිට යන ප්‍රදේශයන්හි ඉදිකර ඇති නිල සෙවන කාර්යාල අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් විවෘත කිරීමට නියමිත බවරත්නපුර දිස්ත්‍රික් ලේකම් මාලනී ලොකුපෝතාගම මහත්මිය පවසයි.

    මෙම අවස්ථාවට රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම්වරු, සහකාර ප්‍රාදේශීය ලේකම්වරු, ගණකාධිකාරීවරු, සහකාර අධ්‍යක්ෂ සැලසුම්, පරිපාලන ග්‍රාම නිලධාරීන්, සංවර්ධන නිලධාරීන්, ග්‍රාම නිලධාරීන්, කාර්මික නිලධාරීන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් රැසක් සහභාගී වීමට නියමිත ය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya