ජනවාරි 19, 2025
tami eng youtube  twitter facebook

    ප්‍රදේශ රැසකට කාලගුණයෙන් බාධා

    මැයි 20, 2018

    පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ප්‍රදේශ රැසක මංමාවත් ජලයෙන් යට වී ඇති බවට වාර්තා වී තිබෙන අතර ගංඟා රැසක ජල මට්ටම ඉහළ නැඟ තිබෙන බව වාර්තා වෙයි.

    නිරිතදිග මෝසම් තත්ත්වය දිවයින හරහා ස්ථාපිත වෙමින් පැවැතීම හේතුවෙන් මධ්‍යම, ඌව සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී.100ට වැඩි තද වැසි ඇති විය හැකි බව ද  කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ. 

    අධික වර්ෂාපතනය හේතුවෙන් ප්‍රදේශ රැසක මාර්ග ජලයෙන් යට වී තිබූ අතර දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගමන් කිරීමේ දී වේගය සීමා කරන ලෙස රියදුරන්ට උපදෙස් ලබා දී තිබුණි. පවතින කාලගුණ තත්ත්වය හේතුවෙන් මධ්‍යම කදුකරය ආශ්‍රිත ප්‍රදේශවල අධික මිහිදුම් තත්ත්වයක් වර්තා විය. කළු ගඟ, ගිං ගඟ, අත්තනගලු ඔයහි ජල මට්ටම ඉහළ මට්ටමකට පැමිණ ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් අකුණු සැර වැදී සහ අනතුරු හේතුවෙන් පුද්ගලයින් කීපදෙනෙකු මරණයට පත්ව තිබේ.

    ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි බවත් අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස  කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

    පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ඉදිරි පැය 24 සඳහා ක්‍රියාත්මක වන පරිදි දිවයිනේ දිස්ත්‍රික්ක 08 කට නාය යෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ. ජාතික ගොඩනැඟිලි පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ (නාය යෑම් හා අවධානම් පර්යේෂණ ) ආර්.එම්.එස්. බණ්ඩාර මහතා සඳහන් කළේ, ඉදිරි පැය 24 කාල පරිච්ඡේදයක් සඳහා නාය යෑම් අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙන බවය.කළුතර,කෑගල්ල,රත්නපුර, කුරුණෑගල, නුවර එළිය, බදුල්ල, ගාල්ල,කොළඹ,යන දිස්ත්‍රික්ක ඇතුළත් වන බව ද ආර්.එම්. එස්. බණ්ඩාර මහතා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya