ජනවාරි 19, 2025
tami eng youtube  twitter facebook

    මුතූර් හා කින්නියා ප්‍රාදේශීය ලේකම් කාර්යාල නව ගොඩනැගිලි ජනතා අයිතියට

    මැයි 21, 2018

    ස්වදේශ කටයුතු අමාත්‍යාංශ මූල්‍ය ප්‍රතිපාදන මත ඉදිකළ කින්නියා ප්‍රාදේශීය ලේකම් කාර්යාල නව ගොඩනැගිල්ල, මුතූර් ප්‍රාදේශීය ලේකම් කාර්යාල නව ගොඩනැගිල්ල සහ නිල සෙවණ කාර්යාල දෙකක් ජනතා අයිතියට පත් කිරීම ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21)සිදු කිරීමට නියමිතය.

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් මත අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ මගපෙන්විමෙන් මෙම සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කෙරේ.

    කින්නියා ප්‍රාදේශීය ලේකම් කාර්යාල නව ගොඩනැගිල්ල සඳහා වැය කළ මුදල රුපියල් ලක්ෂ 330 ක් වන අතර මුතූර් ප්‍රාදේශීය ලේකම් කාර්යාල නව ගොඩනැගිල්ල සඳහා වැය කළ මුදල රුපියල් ලක්ෂ 360 කි.

    ඒ අනුව එදින පෙ.ව 10.15ට තෝපූර් - මුතූර් නිල සෙවණ කාර්යාලය විවෘත කිරීම, පෙ.ව. 10.45 ට මුතූර් ප්‍රාදේශීය ලේකම් කාර්යාල නව ගොඩනැගිල්ල ජනතා අයිතියට පත් කිරීම, මුතූර් - සේරුවිල - වෙරුගල් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයන්හි නිලධාරි හමුව සහ නිලධාරීන් සඳහා රාජකාරි ගමන් මලු ප්‍රදානය සිදු කිරීමට කටයුතු යොදා ඇත.

    පෙ.ව. 11.30ට කුට්ටිකරච්චි - කින්නියා නිල සෙවණ කාර්යාලය විවෘත කිරීම, ප.ව. 12.30ට කින්නියා ප්‍රාදේශීය ලේකම් කාර්යාල නව ගොඩනැගිල්ල ජනතා අයිතියට පත් කිරීම, කින්නියා - තඹලගමුව - ත්‍රිකුණාමලය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයන්හි නිලධාරි හමුව සහ නිලධාරීන් සඳහා රාජකාරි ගමන් මලු ප්‍රදානය සිදු කිරිමට කටයුතු යොදා ඇත.

    මෙයට සමගාමීව සේරුවිල විල්ගම් විහාරයේ ප්‍රවේශ මාර්ගය කොන්ක්‍රීට් කිරීම ආරම්භ කිරීම මෙදින සිදු වෙයි.

    මෙම අවස්ථාවන් සඳහා ත්‍රිකුණාමලය දිස්ත්‍රික් පාර්ලිමේන්තු සහ හිටපු පළාත් සභා මැති ඇමැතිවරු සහභාගිවීමට නියමිතය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya