ජනවාරි 19, 2025
tami eng youtube  twitter facebook

    ජාතිවාදය සහ ආගම්වාදයෙන් රටක් සංවර්ධනය කළ නොහැකියි- සුව ඇමැති

    මැයි 22, 2018

    ජාතිවාදය සහ ආගම්වාදයෙන් රටක් සංවර්ධනය කළ නොහැකි බව සෞඛ්‍ය, පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

    රුපියල් මිලියන 800 ක වියදමින් මොරටුව ප්‍රාදේශිය රෝහලේ ඉදිකිරිමට නියමිත මහල් 05 කින් යුත් වාට්ටු සංකීර්ණය සදහා මුල්ගල් තැබීමේ අවස්ථාවට පසුගියදා එක්වෙමින්  සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

    මෙහිදී අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා -

    “මුදල් රාජ්‍ය අමාත්‍යවරයාගේ දැඩි ඉල්ලීම මත තමයි මෙම රෝහල  සංවර්ධනය කරන්නේ. පවුලේ වෛද්‍යවරයා සංකල්පය ක්‍රියාත්මක කිරීමේ දී මෙම රෝහල ඉතා වැදගත් වෙනවා.  කෙසේ වෙතත් දිවයින පුරා රෝහල් රැසක් සංවර්ධනය කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ යුරෝපා සැළසුම් වලට  අනුවයි. උතුරු නැගෙනහිර රෝහල් සංවර්ධනය කිරීම සදහා පසුගිය කාලයේ දී රුපියල් මිලියන 35000 ක් වැය  කර තිබෙනවා. යුද්ධය හේතුවෙන් එම රෝහල් විනාශ වී තිබුනා. සියලු ජනතාවට සහෝදරයන් ලෙස සැළකීම  රජයේ ප්‍රතිපත්තියයි. උතුරේ සංවර්ධනයට මෙවැනි මුදලක් රාජ්‍ය නායකයෙකු පවා වියදම් කර නොමැති බව එම  පළාතේ හිටපු සෞඛ්‍ය අමාත්‍ය පී. සත්‍යලිංගම් මහතා වරෙක ප්‍රකාශ කර තිබුනා. වෛද්‍යවරුන් සදහා නිල නිවාස  ඉදිකිරීමේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය මේ වන විට අවසන් කර තිබෙනවා. නිවාස 5000 ක් ඉදි කිරීමට නියමිතයි.  යටිතල පහසුකම් සියල්ල සංවර්ධනය කරනවා.”

    “අපේ රජයේ තිබෙන්නේ එක එක පුද්ගලයාගේ ජයග්‍රහණයි. නමුත් පසුගිය රජයේ දී මහින්ද චින්තනයෙන් ලැබූ  තවත් ජයග්‍රහණයක් කියා ප්‍රචාරක කටයුතු සිදු කළා. නමත් අද ප්‍රචාරක අංශය මදි. අපේ රජයේ ධර්මය දන්න  ඇමැතිවරු සිටියත් එම ධර්මය නිවැරදිව දේශනා කරන්න බැහැ. එම නිසා තමයි ප්‍රශ්න මතුව තිබෙන්නේ. 2017  වසරේ දී සෞඛ්‍ය සේවාව සදහා අයවැය මගින් රුපියල් කෝටි 23500 ක් වෙන් කර තිබුනා. නමුත් මම 2017  වසරේ දී සෞඛ්‍ය සංවර්ධනය සදහා රුපියල් කෝටි 50000 ක් වයදම් කර තිබෙනවා. එහිදී සෞඛ්‍ය සේවාවට  ලැබුන ආයෝජන ඉතා වැදගත්. සම්ප්‍රදායික ක්‍රම වලින් අපි වෙනස් විය යුතුයි. එක්සත් ජාතික පක්ෂය ධනවාදී  දේශපාලන පක්ෂයක් වුවත් එම තත්ත්වය අද වෙනස් වී තිබෙනවා. යහපාලන රජය අපි බිහි කළේ රාජපක්ෂලාට  බය නැතුවයි. එය ජයග්‍රහණයක් බවට පත් වුනා. රට වෙනස් කිරීම සදහා තිබෙන ප්‍රතිපත්ති වෙනස් කළ යුතුයි.

    ජාතිවාදය, ආගම්වාදය, කුලවාදය මගින් රට පාලනය කිරීම නුසුදුසුයි. සහෝදරත්වයෙන් රට ගොඩනැංවිය යුතුයි.  මැලේසියාව ජාතිවාදය ඉවත් කරමින් රට සංවර්ධනය කළා. හොරු නැති ආණ්ඩුවක් ලෝකයේ කොහේවත්  නැහැ. ඉන්න හොරු අල්ලන්න ඕනි. වරදකරුවන් නීතිය ඉදිරියට ගෙන ආ යුතුයි. පසුගිය රජය සමයේ දී  වරදකරුවන් නීතිය ඉදිරියට රැගෙන ආවේ නැහැ. නමුත් අද එය සිදු වෙනවා. “ මෙම ගොඩනැගිල්ල ඉදිකිරිම සදහා මොරටුව ප්‍රදේශයේ වෙසෙන කලාකරුවන් විසින් ද මුල්‍ය පරිත්‍යාගයක්  මෙහිදී සිදු කරන ලදි.

    මෙම අවස්ථාවට මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා, සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය සෞඛ්‍ය  අධ්‍යක්ෂ ජනරාල්වරුන්, බස්නාහිර පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ අනිල් සමරනායක මහතා, මොරටුව ප්‍රාදේශිය  රෝහලේ දිස්ත්‍රීක් වෛද්‍ය නිලධාරී අමල් ගමගේ මහතා ඇතුලු විශාල පිරිසක් එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya