ජනවාරි 19, 2025
tami eng youtube  twitter facebook

    ආපදාවට පත්වූවන්ගේ ආහාර සඳහා මිලියන 27ක් - අධ්‍යක්ෂ ජනරාල්

    මැයි 22, 2018
    දිවයිනට බලපෑ ඇති නිරිත දිග මෝසම් තත්ත්වය නිසා ඇති ව ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 10ක පවුල් 9817ක් විපතට පත්ව ඇතැයි ද විපතට පත් ජනතාව සඳහා පිසූ ආහාර හා වියළි ආහාර ලබාදීම වෙනුවෙන් ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය වෙතින් රුපියල් මිලියන 27ක් වෙන් කොට ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය අමල්නාදන් මහතා පවසයි.
     
    වැඩි වශයෙන් බලපෑමට ලක්ව ඇති දිස්ත්‍රික්ක 06යෙහි ආපදා සහන සේවා කටයුතු වෙනුවෙන් ත්‍රිවිධ හමුදා සමාජිකයින් 5000ක් පමණ යොදවා ඇතැයි ද පුද්ගලයින් 6000ක් පමණ ආරක්ෂික ස්ථාන 80ක රඳවා ඇතැයි ද පෙන්වාදුන් අධ්‍යක්ෂ ජනරාල්වරයා ආපදා තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 08දෙනෙකු මරණයට පත්ව ඇතැයි ද පැවසීය.
     
    ක්ෂණික දුරකථන අංක 117 අමතා ආපදා තත්ත්වයන් පිළිබඳ ව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වෙත ගැටලු ඉදිරිපත් කළ හැකි බවත් පසුගිය දින කිහිපය තුළ ඇමැතුම් 4000ක් පමණ ලැබුණු අතර එම සියලු ගැටලු එම අවස්ථාවන්හිදිම විසඳීමට කටයුතු කළ බවත් මීට අමතර ව හදිසි මෙහෙයුම් මැදිරියට 0112 136 136, 0779 117 117, 0702 117 117 ඇමතීමෙන් ම ගැටලු ඉදිරිපත් කළ හැකි බවත් ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya