ජනවාරි 19, 2025
tami eng youtube  twitter facebook

    නව දිසාපතිවරු ‌දෙදෙනකුට පත්වීම් ප්‍රදානය කරයි

    මැයි 24, 2018

    හම්බන්තොට හා මාතලේ දිස්ත්‍රික් සඳහා පත්කරන ලද නව දිසාපතිවරුන් දෙදෙනාට ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවවර්ධන මහතා විසින් පත්වීම් ලිපි ලබාදෙන ලදී.

    හම්බන්තොට දිස්ත්‍රික්කය සඳහා බන්දුල හරිස්චන්ද්‍ර මහතා පත්කර ඇති අතර මාතලේ දිස්ත්‍රික්කය සඳහා දිසාපතිවරයා ලෙස එස්.එම්.ජී.කේ.පෙරේරා මහතා පත්කරනු ලැබ සිටියි.

    හම්බන්තොට දිස්ත්‍රික්කය සඳහා දිසාපතිවරයා ලෙස පත්කර සිටින බන්දුල හරිස්චන්ද්‍ර මහතා හොරණ හඳපාන්ගොඩ උපතලබා හොරණ ශ්‍රී පාලි මධ්‍ය මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරා ඇත. කැලණිය විශ්වවිද්‍යාලයේ කලා උපාධිධාරියකුවන හරිස්චන්‍ද්‍ර මහතා සමාජ විද්‍යා පශ්චාත් උපාධිධාරියකු ද වෙයි. 1991 ශ්‍රී ලංකා පරිපාලන සේවයට එක්වන ඒ් මහතා අම්පාර හා ගාල්ල දිස්ත්‍රික්කයන් හි සහකාර මැතිවරණ කොමසාරිස්වරයා ලෙස ද කටයුතු කළේය. ගාල්ල කඩවත් සතර ප්‍රාදේශීය ලේකම්වරයා ලෙස ද සේවය කළ හරිස්චන්ද්‍ර මහතා ගාල්ල අතිරේක දිසාපති, වැඩබලන දිසාපති ලෙස කටයුතු කර පසුව වව්නියාව හා රත්නපුර දිස්ත්‍රික්කයන්හි දිසාපතිවරයා ලෙස ද කළක් කටයුතු කළේය. ඉන් අනතුරුව සමාජ සවිබලගැන්වීමේ අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයකු ලෙස ද කටයුතු කළේය.

    මාතලේ දිස්ත්‍රික්ය සඳහා දිස්ත්‍රික් ලේකම්වරයා ලෙස පත්කර සිටින එස්.එම්.ජී.කේ.පෙරේරා මහතා බලපිටියේ පදිංචිකරුවෙකි. බලපිටිය රේවත මහා විද්‍යාලයේ ආදි සිසුවකු වන ඒ් මහතා කොළඹ විශ්වවිද්‍යාලයෙන් වාණිජවේදී උපාධිය ලබා ගුරුරයෙක් ලෙස සේවය කර අනතුරුව 1995 දී ශ්‍රී ලංකා පරිපාලන සේවයට එක්වූයේය. ආර්ථික විද්‍යාව හා ප්‍රාදේශීය සංවර්ධන සැළසුම්කරණය පිළිබඳ කැලණිය හා රුහුණ විශ්වවිද්‍යාලවලින් පශ්චාත් උපාධි ලබා ඇති පෙරේරා මහතා දකුණු පළාත් සභාවේ සහකාර ලේකම්වරයකු ලෙස, දකුණු පළාත් සභාවේ පළාත් මෝටර් රථ කොමසාරිස්වරයා ලෙස, දකුණු පළාත් නිවාස කොමසාරිස් ලෙස, දකුණු පළාත් සභාවේ කෘෂිකර්ම අමාත්‍යාංශයේ වැඩබලන ලේකම්වරයා ලෙස සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ නියෝජ්‍ය ලේකම්වරයා ලෙස සේවය කර තිබේ. ඉන් පසු පළාත් සභාවේ ලේකම්වරයා ලෙසත් දකුණු පළාත් සභා ප්‍රධාන ලේකම් කාර්යාලයේ නියෝජ්‍ය ප්‍රධාන ලෙකම් ලෙසත් හෙතම කටයුතු කළේය.

    adisaa

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya