ජනවාරි 19, 2025
tami eng youtube  twitter facebook

    කඩුවෙල පාලම අද පස්වරු 8.00 සිට 25 දාපෙරවරු 6.00 දක්වා වසා තබයි

    මැයි 24, 2018

    වර්ෂාධික කාලගුණය හේතුවෙන් කඩුවෙල ප්‍රධාන පාලමේ ප්‍රවේශ මාර්ගයේ සිදු වූ සෝදා පාළුවීම හේතු කරගෙන සෝදා පාළු වූ ප්‍රදේශය ආවරණය කිරීමට තාවකාලික පාලමක් යෙදීමට අද (24) පස්වරු 8.00 සිට හෙට (25) උදෑසන 6.00 දක්වා එම පාලම සම්පූර්ණයෙන් වසා දැමීමට සිදුවන බව මාර්ග සංවර්ධන අධිකාරිය ප්‍රකාශ කර සිටියි.


    ඊයේ (23) සිදු වූ මෙම සිදුවීම ඊයේ පාලමේ එක මංතීරුවක් පමණක් ජනතාවට විවර කර තැබූ අතර අද පස්වරු 8.00 න් පසුව එම මංතීරුවද හෙට පස්වරු 6.00 දක්වා වසා දැමීමට සිදුවන බැවින් ජනතාවට අධිවේගී මාර්ගය ආසන්නයෙන් කඩුවෙලට සහ බියගමට ප්‍රවේශ වීමට තිබෙන මාර්ග භාවිතයට ගන්නා ලෙස මාර්ග සංවර්ධන අධිකාරිය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya