ජනවාරි 19, 2025
tami eng youtube  twitter facebook

    ආපදාවෙන් විපතට පත් ජනතාවට ආහාර ලබා දීම නිසි ලෙස සිදු නොවන බවට වූ චෝදනාවක් සම්බන්ධයෙන් විමර්ශනයක්

    මැයි 24, 2018

    රත්නපුර දිස්ති‍්‍රක්කයේ අයගම ප‍්‍රදේශයේ ආපදාවෙන් විපතට පත් ජනතාව වෙත ආහාර ලබා දීමේ වැඩපිළිවෙල නිසි පරිදි සිදු නොවන බවට ඉදිරිපත් වූ කරුණු සැළකිල්ලට ගනිමින් විශේෂ පරීක්‍ෂණයක් කි‍්‍රයාත්මකයි.

    පසුගියදා (23) පාර්ලිමේන්තුවේදී ඒකාබද්ධ විපක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ති‍්‍ර ජානක වක්කුඹුර මහතා මේ පිළිබඳ විමසීමක් කර තිබිණ. මේ සම්බන්ධයෙන් අවදානය යොමු කළ වාරිමාර්ග, ජල කළමනාකරණ හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා කියා සිටියේ එවැනි කිසිදු අඩුපාඩුවක් සිදු වීමට රජය ඉඩ ලබා දී නොමැති බවයි. අවශ්‍ය පරිදි සියළු පහසුකම් සැළසීමට රජය කටයුතු සිදු කර ඇති බවද අමත්‍යවරයා පැවැසීය.

    මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අවදානය යොමු කළ පාලිත රංගේ බණ්ඩාර මහතා, වාරිමාර්ග, ජල කළමනාකරණ හා ආපදා කළමනාකරණ අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත උපදෙස් ලබා දුන්නේ මේ කාරණය පිළිබඳ පුළුල් විමසා බැලීමක් සිදු කරන ලෙසයි. අයගම ප‍්‍රදේශයේ ආපදාවෙන් විපතට පත් ජනතාව වෙත සහන සැලසීමේදී ග‍්‍රාමසේවා නිලධාරීන් හෝ වෙනත් නිලධාරීන් හෝ වගකීමෙන් යුතුව කටයුතු සිදු කර නොමැතිද යන්න විමසා බැලීම සඳහා විමර්ශනයක් සිදු කරන ලෙසයි අමාත්‍යවරයා අමාත්‍යංශයේ ලේකම් සිසිර කුමාර මහතා වෙත උපදෙස් ලබා දී තිබුණේ. රත්නපුර දිස්ති‍්‍රක් ලෙකම්වරයාගේ ප‍්‍රධානත්වයෙන් එම විමර්ශනය සිදු කිරීමට වාරිමාර්ග, ජල කළමනාකරණ හා ආපදා කළමනාකරණ අමාත්‍යංශයේ ලේකම්වරයා පියවර ගෙන තිබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya