ජනවාරි 19, 2025
tami eng youtube  twitter facebook

    ලොකු ලූනු වගාවට ප්‍රවර්ධන වැඩපිළිවෙලක්

    මැයි 25, 2018

    දේශීය බී ලූනු ගොවියා ආරක්ෂා කර ගැනීමේ අරමුණින් ක්‍රියාත්මක කර ඇති දේශීය ගුණාත්මකභාවයෙන් ඉහළ දේශීය ලොකු ලූනු බීජ 50% පදනම මත ලොකු ලූනු වගා කරන ගොවිමහතුන් හට ලබා දීමේ විශේෂ ව්‍යාපෘතිය සම්බන්ධව විශේෂ සාකච්ඡාවක් මෙම මස 27 වන දින පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

     

    ඒ සඳහා ගොවිමහතුන් සහ නිළධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනක් 2018.05.27 වන ඉරිදා දින උදෑසන 10.00ට ගලේවෙල ප්‍රා‍දේශීය ලේකම් කාර්යාලයේ ද, දහවල් 2.00ට සීගිරිය මහ විද්‍යාලයේ දී ද, පැවැත්වීමට නියමිත ය.

    ලොකු ලූනු වගාකරුවන් සඳහා විශේෂ වැඩ පිළිවෙලක් කෘෂිකර්ම අමාත්‍යාංශය ක්‍රියාත්මක කර තිබේ. ඒ අනූව ලොකු ලූනු බීජ කි.ග්‍රෑ.1 ක් රු.80 සහතික මිලක් යටතේ ද, රජයෙන් පොහොර සහනාධාරය ලබා දීමට ද, රු. 40,000ක රක්ෂණාවරණයක් ලොකු ලූනු වගා කරන ගොවීන් සඳහා රජය විසින් ලබා දෙන බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. මෙම සාකච්ඡාව රාජ්‍ය අමාත්‍ය වසන්ත අලුවිහාරේ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිත ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya