ජනවාරි 19, 2025
tami eng youtube  twitter facebook

    මුදල් අයකිරීමෙන් තොරව ගොවීන්ට ගොවි රක්ෂණය ලැබෙයි

    මැයි 25, 2018

    ගොවිජනතාවගෙන් කිසිදු මුදලක් අය කර නොගෙන සම්පූර්ණ කෘෂි රක්ෂණ වාරික මුදලේ බර රජය විසින් දැරීමට තීරණය කළ බව කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කරයි.

    වත්මන් රජය විසින් පසුගියදා කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ඉල්ලීම පරිදි අමාත්‍ය මණ්ඩලය විසින් මෙම තීරණය ගෙන තිබෙන අතර වගා හානිවීමක දී ගොවිජනතාව ආරක්ෂා කර ගැනීම සඳහා ක්‍රියාත්මක කෘෂි රක්ෂණ වැඩපිළිවෙළ යටතේ, මෙතෙක් ගොවිජනතාවට වාර්ෂිකව සාමාජික මුදල වශයෙන් රු. 1,375 ක මුදලක් ගෙවීමට සිදු වී තිබිණි. 

    ඒ අනුව රජය විසින් කෘෂි රක්ෂණය සඳහා රු. මි. 5,228 ක මුදලක්, 2018 වර්ෂය සඳහා මේ වන විට වෙන්කර තිබේ. මෙම කෘෂි රක්ෂණාවරණය යටතේ වී, ලූණු, මිරිස්, බඩඉරිඟු සහ අර්තාපල් වගා කරන ගොවීන්ට එම ප්‍රතිලාභ හිමිවන අතර, ගොවිජනතාවගේ සුරක්ෂිතභාවය උදෙසා මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බව කෘෂිකර්ම අමාත්‍ය  මහින්ද අමරවීර මහතා පවසයි. 

    යල කන්නය සඳහා කෘෂි රක්ෂණාවරණ සහතික පත් ප්‍රදානය කිරීමේ සමාරම්භක උත්සවය 2018.05.28 පස්වරු 2.00 ට කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර, කෘෂිකර්ම රාජ්‍ය  අමාත්‍ය වසන්ත අලුවිහාරේ යන මහත්වරුන් ඇතුළු රැසකගේ සහභාගීත්වයෙන් හම්බන්තොට නෝනාගම සංස්කෘතික මධ්‍යස්ථානයේ දී සිදු කෙරේ.

    ගොවිජනතාවට කෘෂි රක්ෂණාවරණය නොමිලේ ලබාදීම සිදු කෙරෙන්නේ ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට බව ද එම අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya