ජනවාරි 19, 2025
tami eng youtube  twitter facebook

    හෙඳ සේවාවට බදවා ගන්නා පුරුෂ ප්‍රතිශතය සංශෝධනයට සුව ඇමැතිගෙන් යෝජනාවක්

    මැයි 28, 2018

    හෙද සේවාව සදහා පුරුෂ පක්ෂය බදවා ගැනීමේ ප්‍රතිශතය වැඩි කිරිමට අවධානය යොමුව ඇති බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.
     
    රජයේ හෙද නිලධාරින්ගේ සංගමය සමග සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පසුගියදා පැවැති සාකච්ඡාවක දි සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව පැවැසිය. හෙද සේවාව තුල මේ වන විට හෙද හෙදියන් 31,000 ක් පමණ සේවය කරන අතර, 7,000 ක පමණ පුරප්පාඩු ඇත.
     
    වෙනත් රටවල පුරුෂ පක්ෂයෙන් හෙද සේවාවට බදවා ගැනීමේ දී සළකා බලන  ප්‍රතිශත පිළිබදව ද අවධානය යොමු කර වාර්තාවක් සකස් කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ඩොනල්ඩ් මුරගේ මහතාට දැනුම්  දෙන ලදි. මේ වන විට හෙද සේවාව සදහා බදවා ගැනීමට අයදුම්පත් ලබා දී ඇති පුරුෂ අයදුම්කරුවන් වැඩි වශයෙන් බදවා ගැනීමට ඇති හැකියාව පිළිබදව ද මෙහිදී සාකච්ඡා කෙරුනි.
     
    හෙද විද්‍යාලවල සේවය කරන හෙද ආචාර්යවරුන්ගේ දීමනාව රුපියල් 10,000 සිට 20,000 දක්වා වැඩි කිරීමට ද පියවර ගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා දැනුම් දෙන ලදි.
    හෙද හෙදියන්ගේ නිල නිවාස ගැටලුව පිළිබදව ද මෙහිදී සාකච්ඡා කරන ලදි. එහිදී සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ වෛද්‍යවරුන් සදහා නිල නිවාස ඉදිකිරීමෙන් පසු හෙද හෙදියන් සදහා ද නිල නිවාස ඉදිකරන බවයි.
     
    මෙම සාකච්ඡාවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරුන් වන සුනිල් ද අල්විස් සහ ඩොනල්ඩ් මුරගේ යන මහත්වරුන්, රජයේ හෙද නිලධාරින්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා ඇතුලු පිරිසක් එක්ව සිටිහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya