ජනවාරි 19, 2025
tami eng youtube  twitter facebook

    මහනුවර රජයේ නිලධාරීන්ට සහනදායි ක්‍රමයක් මත නිවාස

    මැයි 29, 2018

    රජයේ නිලධාරීන්ට සහනදායි ක්‍රමයක් මත නිවාස ලබාදීම සදහා වත්මන් රජය මගින් ගෙන යන වැඩසටහන යටතේ මහනුවර දිස්ත්‍රික්කයේ රජයේ සේවකයන් වෙනුවෙන් ඉදි කරන නිල සෙවන නිවාස යෝජනා ක්‍රමයේ ආරම්භක අවස්ථාව  මැයි 29 වැනි දින පෙ.ව. 10.00 ට ගරු රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ සහ නීතිය හා සාමය පිළිබද අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

    මහනුවර දිස්ත්‍රික්කයේ සේවයේ නියුතු රජයේ සේවකයන් වෙනුවෙන් ඉදි කරන මෙම මහල් නිවාස යෝජනාක්‍රමය නිවාස 546 කින් සමන්විතය. නිදන කාමර තුනකින් සහ දෙකකින් යුක්ත වන පරිදි සකස් කළ නිවාස දෙවර්ගයක් මෙහි ඉදි කෙරෙන අතර, අවශ්‍යතාවය මත එම නිවාස රජයේ සේවකයන්ට මිළදී ගැනීමට හැකියාව තිබේ. රජයේ සේවකයන්ට ලැබෙන බැංකු ණය පදනම යටතේද මෙම නිවාස ලබා ගැනීමේ පහසුකම් ලැබෙන අතර, 2020 වන විට මෙම නිවාස යෝජනා ක්‍රමයේ සියළු වැඩ අවසන් කිරීමට නියමිතය.

    ලංකාවේ සෑම දිස්ත්‍රික්කයක්ම නියෝජනය වන පරිදි මෙවැනි නිවාස ව්‍යාපෘති ඉදිරියේදී ආරම්භ කිරීමට සැළසුම් කොට ඇති අතර, මහනුවර ඉදි වන්නේ තුන්වැනි නිල සෙවන ව්‍යාපෘතියයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya