ජනවාරි 19, 2025
tami eng youtube  twitter facebook

    උත්තර පත්‍ර ඇගයීම පාසල් නිවාඩු කාලය තුළ අවසන් කිරීමට පියවර

    මැයි 30, 2018

    අ.පො.ස. (සා.පෙළ) සහ අ.පො.ස. (උ.පෙළ) විභාග උත්තරපත්‍ර ඇගයීම විභාග පවත්වන නිවාඩු කාලය තුළ දීම සිදු කිරීමට යෝජනා කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසයි.

    අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගියදා අධ්‍යාපන අමාත්‍යාංශයේ දී  පැවති ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ 1 පන්තියට උසස්වීම් ලැබූ විදුහල්පතිවරුන් 85 දෙනෙකුට උසස්වීම් ලිපි ලබාදීමේ උත්සවයට එක්වමෙිනි.

    විභාග ප්‍රතිඵල නිකුත් කිරීමේ දී සිදුවන අනවශ්‍ය ප්‍රමාදයන් හේතුවෙන් සිසු දරුවන්ට සිදුවන අපහසුතා වළක්වා ගැනීමටත් උත්තර පත්‍ර පරීක්ෂාව සඳහා යොදාගන්නා පාසල් වසා තැබීමේ කාලය අවම කිරීමටත් ඊළඟ පාසල් වාරය ආරම්භයේ සිට ම ගුරුවරුන්ට තම පාසල්වල ඉගැන්වීමේ කටයුතු සිදු කිරීමටත් මේ මගින් හැකි වන බව අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේ ය.

    මෙම උත්සව අවස්ථාවට අධ්‍යාපන ලේකම් සුනිල් හෙට්ටිආරච්චි මහතා, අධ්‍යාපන රාජ්‍ය ලේකම් තිස්ස හේවාවිතාන මහතා, අතිරේක ලේකම් එච්.යූ. ප්‍රේමතිලක මහතා ඇතුලු අමාත්‍යාංශ නිලධාරීන්  පිරිසක් එක් වී සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya