ජනවාරි 19, 2025
tami eng youtube  twitter facebook

    සුළඟින් හානි වූ විදුලි රැහැන් මාර්ග කඩිනමින් අලුත්වැඩියා කෙරේ

    මැයි 30, 2018

    පසුගිය දිනවල පැවැති වැසි සහ සුළං හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ රැසක මේවනවිට හානී වී තිබෙන විදුලි රැහැන් පද්ධති හා ට්‍රාන්ස්ෆෝමර්වලින් වැඩි ප්‍රමාණයක් මේ වනවිට යථාතත්ත්වයට පත්කොට ඇතැයි ශ්‍රී ලංකා විදුලි බල මණ්ඩලයේ අධ්‍යක්ෂ හා මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා පවසයි.

    පෙරේදා හටගත් තද සුළං නිසා තංගල්ල, බෙදි අත්ත,මිද්දෙණිය,වළස්මුල්ල,සූරියවැව හා හක්මන ප්‍රදේශවල බිඳ වැටී තිබූ විදුලි රැහැන් මාර්ග අද (30) වන විට ප්‍රතිසංස්කරණය කොට යථාතත්ත්වයට පත් කළ බව සුළක්ෂණ
    ජයවර්ධන මහතා රජයේ නිලපුවත් වෙබ් අඩවියට පැවසී ය.

    දඹුල්ල,රාගල,කුණ්ඩසාලේ ආදී ප්‍රදේශවල ද හානියට පත් වූ විදුලි රැහැන් යථාතත්ත්වයට පත් කොට ඇති නමුත් රාගල ප්‍රදේශයේ අධිබල විදුලි කණුවක් කඩාවැටී ඇති අතර එය අලුත්වැඩියා කිරීම දැන් සිදුකරගෙන යන බවද
    සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya