ජනවාරි 19, 2025
tami eng youtube  twitter facebook

    නායායෑම හේතුවෙන් නිවාස අහිමිවූවන්ට කඩිනම් නිවාස

    මැයි 31, 2018

    පවතින අයපත් කාළගුණය හේතුවෙන් සිදුවූ නායයෑම් හා ස්වාභාවික ආපදාවන් නිසා අවතැන් වූ වතුකරයේ ජනතාවට කඩිනම් නිවාස ඉදිකරදෙන බව කඳුරට නව ගම්මාන යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍ය පලනි තිගාම්බරම් මහතා පවසයි.

    නුවරඑළිය දිස්ත්‍රික්කයේ අපදාවට පත් ප්‍රදේශ රැසක නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ය.

    නොර්වුඩ්, මස්කෙළිය, අප්කොට්, තලවාකැලේ, ලිදුල, නානුඔය යන ප්‍රදේශ රැසක අපදාවට පත් ජනතාව මුණුගැසීමට ගිය අමාත්‍යවරයා මේවන විට කඳවුරු මධ්‍යස්ථානවල සිටින අවතැන් ජනතාවගේ මූලික පහසුකම් කඩිනමින් ලබාදෙන ලෙසද අදාළ බලධාරීන්ට උපදෙස් ලබා දුනි

    මීට අමතරව මාතලේ, කළුතර, රත්නපුර, කෑගල්ල, මහනුවර, ගාල්ල යන දිස්ත්‍රික්වල නායයෑම හේතුවෙන් නිවාස අහිමි වූ වැවිලි ප්‍රජාවටද කඩිනමින් නිවාස ඉදිකරදෙන බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.

    මෙහිදී මාධ්‍ය වෙත අදහස් දැක්වූ අමාත්‍යවරයා,

    "මේ වෙනකොට නායායෑමේ අවධානමට පත්වෙලා තියෙන වතුකරයේ ගෙවල් 5000ක් විතර හඳුනාගෙන තියෙනවා. මගේ අමාත්‍යංශයෙන් හදන ගෙවල් වලින් මුල් තැන ඒ නිවාස වලට ලබා දෙන්න තීරණය කළා. මේ වෙද්දි නායායෑම හේතුවෙන් අවතැන් වූ අයට හැකි ඉක්මණින් නිවාස ලබා දෙන්න අපි කටයුතු කරනවා. ලබන සති දෙක ඇතුළත ඒ සඳහා මුල් ගල් තියන්න පටන් ගන්නවා තව මාස 06 කින් මේ ගෙවල් ටික ඒ අයට බාරදෙනවා." යැයි පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya