වී අලෙවි මණ්ඩලයේ නව සභාපතිවරයා ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් පත්කරන ලද, නීතීඥ උපාලි මොහොට්ටි මහතා (31) දින සිය තනතුරේ රාජකාරී කටයුතු ආරම්භ කළේ ය.
එහිදී වී අලෙවි මණ්ඩලයේ නිළධාරීන් හමුවේ අදහස් පළ කළ ඒ මහතා කියා සිටියේ වී අලෙවි මණ්ඩලයේ ඉතිහාසය තුළ වැඩිම වී තොග ප්‍රමාණයක් මිලදී ගත්තේ වත්මන් රජය යටතේ බවයි. 2015 වසරේ වී මෙ.ටො. 1,70,000ක්ද, 2016 වසරේ මෙ.ටො. 1,60,000 ක්ද වී අලෙවි මණ්ඩලය විසින් ගොවීන්ගෙන් මිලදී ගනු ලැබ තිබේ. ඒ අන්දමෙන් ඉදිරියටත් කිසිදු සීමාවකින් තොරව ගොවිජනතාවට ඉහළ මිලක්, වී අස්වනු සඳහා ලබා දීමට වී අලෙවි මණ්ඩලය මඟින් මිලදී ගැනීමට සූදානම් බවද, නිතීඥ උපාලි මොහොට්ටි මහතා අවධාරණය කළේ ය.
වී අලෙවි මණ්ඩලයේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් උපදෙස් ලබා දී ඇති අතර, වී අලෙවි මණ්ඩලය විසින් මිල දී ගන්නා වී තොග සහල් සැකසුම් මධ්‍යස්ථාන වල දී සහල් වශයෙන් සකස් කර PMB Rice ලේබලය යටතේ ශ්‍රී ලංකාවේ වෙළඳපොළට නිකුත් කිරීමට පියවර ගැනීමටත්, එමඟින් සහල් මිල පාලනය කරමින් පාරිභෝගික ජනතාවට අවම මිලක් යටතේ සහල් ලබා දීමට වී අලෙවි මණ්ඩලය මඟින් පියවර ගන්නා බවද ඒ මහතා ප්‍රකාශ කළේ ය.
වී අලෙවි මණ්ඩලයේ නව සභාපතිවරයා ලෙස වැඩ භාර ගත් නීතීඥ උපාලි මොහොට්ටි මහතා පිළිගැනීමේ අවස්ථාවට වී අලෙවි මණ්ඩලයේ හිටපු සභාපති ඩී. එම්.බී. දිසානායක මහතා සහ වී අලෙවි මණ්ඩලයේ ඉහළ නිලධාරීන් පිරිසක් සහභාගි වී සිටිය හ.
මීට අමතරව අද දින ආහාර ප්‍රවර්ධන මණ්ඩලයේ නව සභාපතිවරයා ලෙස අධිනීතීඥ බුද්ධික ඉද්දමල්ගොඩ මහතා හා හදබිම අධිකාරියේ නව සභාපතිවරයා වශයෙන් ඉන්දික ගුරුගේ මහතා ද වැඩභාර ගත්තේ ය.