ජනවාරි 19, 2025
tami eng youtube  twitter facebook

    හම්බන්තොට දිස්ත්‍රික්කයේ ගල් කොරි 30කට පරික්ෂාවට තෙදිනක විශේෂ මෙහෙයුමක්

    ජූනි 01, 2018

    පසුගිය කාලය තුළ භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්‍යාංශය හම්බන්තොට දිස්ත්‍රික්කයේ ගල් කොරි සම්බන්ධව ලැබි ඇති පැමිණිලි සොයා බැලීමේ විශේ මෙහෙයුමක් පෙරේදා (30) සහ අද (01) දිනයන්හීදී භූ විද්‍යා සමීක්ෂණ හාපතල් කාර්යන්ශය සහ මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යංශය එක්ව දියත් කර තිබේ.

    භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ කැණීම් ඉංජිනේරු එස්.පී කුෂාන් මහතා ප්‍රධාන භූ විද්‍යාඥ එච්.ඒ.ඩී.එන්. සංජීව මහතා, ප්‍රාදේශීය කැණීම් ඉංජිනේරු එච්.කේ.එම්.ගුණසේකර මහතා , මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ පර්‍යේශණ නිළධාරී බී.ඒ.ජී.ප්‍රියාල් බමුනුසිංහ මහතා, ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ එච්.කේ.යූ.හෙට්ටිආරච්චි මහතා ඇතුළු නිළධාරින් පිරිසක් මෙම ඒකාබද්ධ පරීක්ෂණය සඳහා සහභාගී විය.

    එහිදි හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඇති තෝරා ගත් ගල් කොරි 30කට ගොස් එම කොරි පවත්වාගෙන යන ගල්කොරි හිමියන් හා සාකච්ජා කොට මෙම ගල් කොරි පවත්වාගෙන යාමේදී ඇති වන ගැටලු, ගල්කොරි පවත්වාගෙන යාමට ලබා දුන් නියමිත භූමි ප්‍රමාණය, .මෙම කොරි පවත්වාගෙන යාමෙන් පරිසරයට හානි වී ඇත්ද ,එසේ වී නම් ඒ සඳහා තවදුරටත් ගතයුතු ක්‍රියාමාර්ග කුමක් ද යන්න නිරීක්ෂණය කෙරිණි.

    ජී.පී.එස්. තාක්ෂණය මගින් එම කොරි සඳහා අවසර ලබා දී ඇති භූමිය ඉක්මවා කැණීම්සි දුකර ඇත්ද යන්න පරීක්ෂණයන් ද සිදු කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya