ජනවාරි 19, 2025
tami eng youtube  twitter facebook

    උසස් අධ්‍යාපනය සමාන මට්ටමින් ලබා ගැනීමට අවස්ථාව සළසා දීම රටේ සංවර්ධනයට වැදගත්

    ජූනි 02, 2018

    උසස් අධ්‍යාපනයට සුදුසුකම් ලබන්නේ සිසුන්ගෙන් සියයට 20% ක් වැනි සීමිත ප්‍රමාණයක් බවත්, එම නිසා අනෙකුත් සිසු පිරිසටත් උසස් අධ්‍යාපනය සමාන මට්ටමින් ලබා ගැනීමට අවස්ථාව ලබා දීම රටේ සංවර්ධනයට ඉතා වැදගත් වන බවත්, කුසලතාපූර්ණ පුද්ගලයන් රටක ආර්ථික සංවර්ධනයට අත්‍යවශ්‍ය සාධකයක් වන බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පැවසීය.

    අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගියදා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති ඇමසන් කොලේජ් (Amazon College) උසස් අධ්‍යාපන ආයතනයේ, වාර්ෂික උපාධි ප්‍රදානෝත්සවයේ ප්‍රධාන අමුත්තා ලෙස සහභාගී වෙමින් පැවසීය.

    මෙහිදී ඇමසන් කොලේජ් ආයතනය යටතේ විදේශ විශ්වවිද්‍යාලවලින් විවිධ විෂය ක්‍ෂේත්‍ර ඔස්සේ අධ්‍යාපනය ලද සිසුන් 300 ක් පමණ උපාධි පශ්චාද් උපාධි හා ඩිප්ලෝමා ලබා ගනු ලැබීය. මෙහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් කතා කළ අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා මෙසේද පැවසීය.

    ''අපේ රජයේ ආර්ථික දැක්මට අනුව කුසලතා පරිපූර්ණ සහ දියුණු මානව සම්පත්වල දායකත්වය ඉතා වැදගත් වෙනවා. නමුත් අපිට දැනුම හා කුසලතා සපිරුණ තරුණ මානව සම්පත්වල අඩුවක් දක්නට ලැබෙනවා. ඊට හේතුව වී තියෙන්නේ අපගේ රටේ උසස් අධ්‍යාපනය සඳහා යොමු වන තරුණ ශිෂ්‍ය ප්‍රමාණය අඩු මට්ටමක පැවතීමයි. උසස් අධ්‍යාපනය සඳහා සුදුසුකම් ලබන පිරිසගෙන් සියයට 20% ක් පමණ උසස් අධ්‍යාපනයට යොමු වෙනවා. එයිනුත් රජයේ විශ්වවිද්‍යාල පද්ධතියට යොමුවන්නේ සියයට 6.6% ක් පමණ වන ප්‍රමාණයක්. එම නිසා අනෙකුත් සුදුසුකම් ලබන සිසුන් වෙනුවෙන් ඇමසන් කොලේජ් වැනි උසස් අධ්‍යාපන ආයතනවල සහයෝගය අවශ්‍ය වෙනවා. ඒ වගේම අපට ගුණාත්මක අධ්‍යාපනයක් තුළ පුහුණු වෘත්තිකයින් හා දක්ෂ තරුණ තරුණියන්ගේ හිඟයක් පවතිනවා. මේ නිසා අපේ ජනාධිපතිතුමාත්, අගමැතිතුමාත් උත්සාහ කරන්නේ තරඟකාරී ගෝලීය වෙළෙඳපොළට ගැලපෙන තරුණ ව්‍යවසායකත්වයින් ඇති කර ඔවුන් තුළින් නිෂ්පාදනය ගුණාත්මකව ඉහළ නංවමින් අපේ ආර්ථිකය ඉහළ තලයකට ගෙන ඒමයි.

    ඒමඟින් ඉහළ මධ්‍යම මට්ටමේ ආදායමක් ලබා ගැනීමට අපේක්ෂා කරනවා. ඒ වගේම අධ්‍යාපන දැනුමෙන් පිරිපුන් දක්ෂ, කුසලතා පූර්ණ තරුණ තරුණියන් නිසා රටක නිෂ්පාදනය ඉහළ යන බව ඔබ දන්නා කරුණක්. එම නිසාම ඔබ වැනි දැනුමෙන් පිරිපුන් උපාධිධාරී තරුණ තරුණියන් පිරිසක් අපගේ නිෂ්පාදන කර්මාන්ත ක්‍ෂේත්‍රයට අවශ්‍ය වෙනවා. එවිට අපේ රටේ ඉදිරි වසර කිහිපය තුළ ඉහළ ආදායම් ලබන රටක් බවට පරිවර්තනය කරන්නට පුලුවන්.

    අපේ වාර්තා පෙන්වා දෙන ආකාරයට සියයට 20% ක පමණ ප්‍රමාණයක් උසස් අධ්‍යාපනය සඳහා ප්‍රවිශ්ඨ වෙනවා. නමුත් ඔවුන්ගෙන් උසස් අධ්‍යාපනය සඳහා ලියාපදිංචි වන්නේ සියයට 6.6% ක් වැනි ඉතා අඩු ප්‍රමාණයක් බව වාර්තා වී තියෙනවා. එම නිසා ඉතිරි තරුණ සිසු පිරිසගේ උසස් අධ්‍යාපන සිහිනය බොඳ වී තියෙනවා. නමුත් අපි රටක් ලෙස පුද්ගලික අංශය සමඟ එකතු වී හෝ එම සිසු පිරිසටත් උසස් අධ්‍යාපනය ලබා දීමට සැලසුම් කළ යුතු වෙනවා. ඒ සඳහා ඇමසන් කොලේජ් වැනි අධ්‍යාපන ආයතනවල සහයෝගය ලබා ගැනීම ඉතා වැදගත් වෙනවා. එවිට අපේ රටේ ආර්ථික සංවර්ධනයට දායකවිය හැකි පරිපූර්ණත්වයෙන් පිරිපුන් දක්ෂ උපාධිධාරී විද්‍යාර්ථීන් පිරිසක් බිහි කිරීමට හැකි වෙනවා '' යැයි පැවසීය.

    මෙම අවස්ථාවට ඇමසන් කොලේජ් හි නිර්මාතෘ හා කළමණාකාර අධ්‍යක්ෂ ඉහාම් මරික්කාර් කොළඹ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය එස්.චන්ද්‍රසේකරම්, නැගෙනහිර විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති ආචාර්ය එස්. එම්.එම්. ඉස්මයිල්, අභියාචනාධිකරණ විනිසුරු ඒ.එච්.එම්.ඩී. නවාස්, බ්‍රිතාන්‍ය ඇමරිකා විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය එස්.සී. රියාස් මහත්වරුද සහභාගී විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya