ජනවාරි 19, 2025
tami eng youtube  twitter facebook

    ටෙලිනාට්‍ය, සිනමා හා ගත්කරුවන් රැඳවුම් බදු ගෙවීම අවශ්‍ය නැහැ - නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න

    ජූනි 06, 2018
     
    2017 අංක 24 දරන දේශීය ආදායම් පනතේ 84වන වගන්තිය යටතේ සිනමා කර්මාන්තයේ නියැලෙන්නන්, ටෙලි නාට්‍ය නිෂ්පාදකයින් සහ ග්‍රන්ථ කතුවරුන්ට රැඳවුම් බද්දක් ගෙවීමේ අවශ්‍යතාවයක් නොමැති බව මුදල් හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පැවසීය.
     
    ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ අද (06) මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනි.
     
    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් මීට මාස දෙකකට පමණ ඉහත දී ටෙලි නාට්‍ය හා සිනමා ක්ෂේත්‍රය සම්බන්ධයෙන් ඇති ගැටලු පිළිබඳ සොයා බැලීම වෙනුවෙන් විශේෂ කමිටුවක් පත් කළ බවත් එම කමිටු වාර්තාව ජනාධිපතිවරයා වෙත භාරදීමෙන් අනතුරුව අද (06) උදෑසන එහි ප්‍රගතිය විමසා බැලීමේ සාකච්ඡාවේ දී ජනාධිපතිතුමා විසින් මෙම තීරණය දැනුම්දීමට කටයුතු කළ බවත් ඒ අනුව දේශීය ආදායම් කොමසාරිස්වරයා විසින් සියලු ම නාලිකා ප්‍රධානීන් වෙත මේ සම්බන්ධයෙන් ලිඛිතව දැනුම් දීමට කටයුතු කළ බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් මෙහිදී පෙන්වා දෙන ලදී.
     
    එමෙන් ම මෙම ක්ෂේත්‍රයන් හි පවතින ගැටලු මෙන් ම ඒ සඳහා අවශ්‍ය විසඳුම් ලබාදීමට කටයුතු කරන ලෙසත් මෙහිදී ජනාධිපතිවරයා විසින් විෂයභාර අමාත්‍යවරුන් වෙත දැනුම්දීමට කටයුතු කළ බවත් පෙන්වාදුන් නියෝජ්‍ය අමාත්‍යවරයා  මෙය නව දේශීය ආදායම් පනත මගින් සිදු වූ බදු පැනවීමක් නොවන බවත් නව බදු පනතේ වගන්ති අර්ථ නිරූපණය වැරදි ආකාරයෙන් තේරුම් ගැනිම හේතුවෙන් නාලිකා විසින් මෙම බද්ද අයකරගැනීමට කටයුතු කොට ඇතැයි ද කීය.
     
    2006 අංක 10 දරන දේශීය ආදායම් පනතේ ම මෙම බද්ද සම්බන්ධයෙන් වන වගන්තිය බදු ප්‍රමාණය 10%ක් වශයෙන් ඇතුළත් ව තිබූ බවත් නව බදු පනත යටතේ සිදු ව ඇත්තේ 10%ක් ව පැවැති බදු ප්‍රමාණය 14%ක් දක්වා ඉහළ දැමීමක් පමණක් බවත් ඉන් අනතුරුව මෙම බද්ද අයකරගැනීමට කටයුතු කොට ඇතැයි දේශීය ආදායම් කොමසාරිස් අයිවන් දිසානායක මහතා මෙහිදි පෙන්වාදුනි.
     
    ඒ අනුව පසුගිය අප්‍රේල් 01දා සිට අයකර ගැනීමට කටයුතු කළ මෙම රැඳවුම් බද්ද අඩු කිරීමකින් තොරව නැවත ගෙවීමට කටයුතු කරන ලෙසට තමන් සියලු රූපවාහිනි නාලිකා ප්‍රධානීන් වෙත ලිඛිතව දැනුම් දීමට කටයුතු කළ බවත් කොමසාරිස්වරයා මෙහිදී වැඩිදුරටත් පෙන්වා දුනි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya