ජනවාරි 19, 2025
tami eng youtube  twitter facebook

    නිරිත දිග මෝසම සක්‍රීය වෙයි

    ජූනි 07, 2018

    නිරිත දිග මෝසම සක්‍රීය වීම හේතුවෙන් දිවයින අභ්‍යන්තරයේ සහ දිවයින වටා වන මුහුදු ප්‍රදේශ වල සුළං තත්ත්වය ඉදිරි දින කිහිපයේදී වැඩි විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    බස්නාහිර,සබරගමුව,දකුණු, මධ්‍යම සහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. සබරගමුව සහ මධ්‍යමපළාත්වලත් කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 100 ට වැඩි තද වැසි ඇති විය හැක. දිවයින හරහා විශේෂයෙන්, දකුණු,මධ්‍යම,උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත් වලත් මොණරාගල දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැ.කි.මී.60 දක්වා තද සුළං ඇති විය හැකි බවද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya