ජනවාරි 19, 2025
tami eng youtube  twitter facebook

    නකල්ස් ආශ්‍රිත ඉඩම්වල කිසිදු ව්‍යාපෘතියක් ආරම්භ කර නැහැ - ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල

    ජූනි 07, 2018

    නකල්ස් රක්ෂිත ආශ්‍රිත ඉඩම්වල කිසිදු ව්‍යාපෘති ආරම්භ කර නැති බව රාජ්‍ය ව්‍යවසාය හා මහනුවර සංවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.

    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (07) පැවති මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

    1992 එකට තිබූ වතු ඉඩම් අක්කර පන්ලක්ෂ හතලිස් දහසක් පමණ සමාගම් 19කට ලබා දුන් අතර ඉතුරු ඉඩම් සමාගම් ලබා නොගැනිම හේතුවෙන් එම ඉඩම් භාණ්ඩාගාර නඩත්තුව යටතේ පවත්වාගෙන යන බවත් වසරකට රුපියල් මිලියන 1000ත් 1500ත් අතර මුදලක් භාණ්ඩාගාරගෙන් එම වතු නඩත්තුවට ලබාගැනීමට සිදු වී තිබෙන බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

    කිසිදු වගාවක් නොකළ වතු ඉඩම්වල ආයෝජන අවස්ථා ඇති කිරීමේ යෝජනාවක් ඉදිරිපත් කර තිබෙන අතර  මේ වනවිටත් බිම් අගලක්වත් ආයෝජකයින්ට ලබාදී නොමැති බවට සහතික වන බව අමාත්‍යවරයා අවධාරණය කළේය.

    ඒ මහතා ප්‍රකාශ කළේ මෙම ඉඩම් සඳහා යෝජනා 257ක් ලැබී තිබෙන බවයි. එම යෝජනා තුළ නකල්ස් රක්ෂිතය ඇතුළත කිසිදු යෝජනාවක් ලබාදී නැති බවත් එම යෝජනා වුවද තවදුරටත් අධ්‍යයනය කරනු ලබන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

    මෙම නකල්ස් රක්ෂිත ආශ්‍රිතව සිදු කරනු ලබන චෝදනා සියල්ල අසත්‍ය බවත් ඒ සම්බන්ධයෙන් සාක්ෂි ඇතිව කරුණු ඉදිරිපත් කරන ලෙස ද අමාත්‍යවරයා එම චෝදනාකරුවන්ගෙන් ඉල්ලා සිටියේය.

    හෙයා පාර්ක් වත්ත මේ වන විට කිසිදු ආයෝජනයක් සිදු නොකිරීම හේතුවෙන් එහි සේවකයින්ට සතියකට දින දෙකක් පමණ වැඩ කිරීමට සිදු වී තිබෙන අතර ඔවුන්ගේ ආර්ථික තත්ත්වයට ද බලපෑම් සිදු වී තිබෙන බවත් ඔවුන්ද එහි සුදුසු අයෝජනයක් ආරම්භ කරන ලෙස ඉල්ලීම් සිදු කර තිබෙන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya