ජනවාරි 19, 2025
tami eng youtube  twitter facebook

    ඉදිරියේ දී ක්‍රීඩක ක්‍රීඩාකාවන් විදෙස්ගත වීමේදී අවසර ගැනීම අනිවාර්යය කෙරේ

    ජූනි 08, 2018
    ක්‍රීඩක ක්‍රීඩාකාවන් විදෙස්ගත වීමේදී තහනම් උත්තේජක මර්දක නියෝජිතායතනයේ සහ ක්‍රීඩා අමාත්‍යංශයේ අවසරය අනිවාර්යය කිරිමේ වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට ඉදිරියේ දී කටයුතු කරන බව පළාත්  සභා, පළාත්  පාලන සහ ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා සඳහන් කරයි.
     
    අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද (08) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනි.
     
    ක්‍රීඩාව මෙන් ම රටේ කීර්තිනාමය ඉතා වැදගත් වන බව පෙන්වාදෙන අමාත්‍යවරයා එබැවින් මෙලෙස තහනම් උත්තේජක මර්දක නියෝජිතායතනයේ සහ ක්‍රීඩා අමාත්‍යංශයේ අවසරය අනිවාර්යය කිරිමට කටයුතු කරන බවත් ඒ සඳහා එම ආයතනය වෙත අවශ්‍ය නීතිමය බලය ලබාදිය යුතු බවත් පෙන්වා දෙයි.
     
    අන්තර්ජාතික මට්ටමෙන් මෙන් ම පාසල් මට්ටමින් තහනම් උත්තේජක භාවිත කිරීම සිදුවන බැවින් ඒ හරහා ගමට මෙන් ම රටට සිදුවන ප්‍රශ්න පිළිබඳ ව තව තවත් ගමට රටට තොරතුරු ගෙන යා යුතු බවත් මෙය අති විශාල ගැටලුවක් බවත් පෙන්වාදෙයි.
     
    ඉදිරියේ දී තහනම් උත්තේජක භාවිතය පිළිබඳ ව පාසල් විෂය මාලාවන් වෙත ඇතුළත් කිරීම සඳහා වන සාකච්ඡාවන් අධ්‍යාපන අමාත්‍යංශය හා එකාබද්ධව ක්‍රියාත්මක කොට ඇති බවත් ඉදිරි පාසල් විෂය මාලා සංශෝධනයකදී එය සිදුකිරීමට බලාපොරොත්තු වන බවත් පෙන්වාදෙන ශ්‍රී ලංකා උත්තේජක මර්දන නියෝජිතායතනයේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය සීවලී ජයවික්‍රම මහතා සඳහන් කළේය.
     
    මේ වන විට තරුණ සේවා සභාව සමඟ කළ සාකච්ඡාවන්හි ප්‍රතිඵලයක් ලෙස ජාතික යොවුන් සේනාංකයන් හරහා තරුණ ප්‍රජාව දැනුම්වත් කිරීමේ කටයුතු ආරම්භ කොට ඇතැයි ද පෙන්වාදුන් සභාපතිවරයා මෙම ආයතනය ආරම්භ කොට වසර 05ක් සම්පූර්ණ වන නොවැම්බර් මාසයේ දී තවත් විවිධ වැඩසටහන් හඳුන්වාදීමට කටයුතු කරන බවත් මෙහිදී වැඩිදුරටත් පැවසීය.
     
    එමෙන් ම මෙම අවස්ථාවට එක්වෙමින් එම ආයතනයේ සභාපති මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා පෙන්වාදුන්නේ ඉදිරියේ දී තහනම් උත්තේජක භාවිතය පිළිබඳ කරනු ලබන පරීක්ෂණ කටයුතු සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ මුත්‍ර සාම්පලයන් වෙනුවට රුධිර සාම්පල ලබාගැනීමට කටයුතු කරන බවත් රුධිර සාම්පාලයන් හරහා වැඩි පරීක්ෂණ රැසක් කරගැනීමට අවස්ථාව සැලසෙන බවත්ය.
     
    තහනම් උත්තේජක භාවිතය සම්බන්ධයෙන් සෑම ක්‍රීඩාවක්ම නොව ඒ සඳහා වැඩි නැඹුරුවක් ඇති ක්‍රීඩාවන් කෙරෙහි වැඩි සැලකිල්ලක් මෙන් ම කණ්ඩායමේ සියලු දෙනා තෝරාගත් පිරිසක් පරීක්ෂණ කටයුතු සඳහා යොදාගන්නා බවත් මෙම පරීක්ෂණ කටයුතු සඳහා අති විශාල මුදලක් වැය වන බවත් සභාපතිවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
     
     
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya