ජනවාරි 19, 2025
tami eng youtube  twitter facebook

    ධීවර ජනතාවට සහන මිලට සඳුදා සිට භූමිතෙල් - රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි

    ජූනි 10, 2018

    ධිවර ජනතාව ඇතුළු අඩු අදායම්ලාභී ජනතාව මුහුණ දී සිටින අපහසුතාව සළකා ලබන සඳුදා සිට අඩු මිලට භූමිතෙල් ලබා දීමට රජය තීරණය කළ බව ධිවර හා ජලජ සම්පත් සංවර්ධන සහ ග්‍රාමීය ආර්ථිකය පිළිබද රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා පවසයි.

    රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සදහන් කළේ, භූමිතෙල් ගැටලුව පිළිබදව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමඟ ඉකුත් බදාදා පාර්ලිමේන්තුවේදී කරන ලද සාකච්ජාව සහ  මුදල් අමත්‍යවරයා ඇතුළු මහා භාණ්ඩාගාර ඉහළ නිලධාරීන් සමඟ සිදු කළ අඛණ්ඩ සාකච්ජාවල ප්‍රතිඵලයක් ලෙස මෙලෙස භූමිතෙල් මිල පහත දැමීමට හැකි වූ බවය.

    ඒ අනුව ලබන සදුදා සිට භූමිතෙල් ලීටරයක් රුපියල් 70 ත් 80 ත් අතර මුදලකට ලබාගැනීමට මෙරට ජනතාවට හැකි බව රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා සඳහන් කළ බව වර හා ජලජ සම්පත් සංවර්ධන සහ
    ග්‍රාමීය ආර්ථිකය පිළිබද අමාත්‍යාංශයේ රාජ්‍ය අමාත්‍ය මාධ්‍ය ඒකකය පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya