ජනවාරි 19, 2025
tami eng youtube  twitter facebook

    ‘කලණ මිතුරු පොත් සුමිතුරු’ තිරසර කියවීම් ප්‍රවර්ධන වැඩසටහන ඇරඹෙයි

    ජූනි 11, 2018

    දැයේ දරුවන් හට කියවීම ඇබ්බැහි කරවීම අධ්‍යාපන අමාත්‍යාංශයේ පරමාර්ථය වන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

    අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ  අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයේ දී පැවති, සිය සංකල්පයකට අනුව නිර්මාණය වූ ‘2018-2019 කලණ මිතුරු පොත් සුමිතුරු’ තිරසර කියවීම් ප්‍රවර්ධන වැඩසටහනේ සමාරම්භක උත්සවයට එක්වෙමින්. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ විවිධ අහිතකර පුරුදු සහ නොයෙක් විෂමාචාර ක්‍රියාවලට ඇබ්බැහි වීමේ අවධානමක් ඇති තරුණ සමාජයකට කියවීම ඇබ්බැහි කරවීම විප්ලවීය සංකල්පයක්ම වන බවයි.

    දරුවන් තුළ කියවීම ඇබ්බැහි කරවීම යනු දැනුමෙන් සහ බුද්ධියෙන් සවිබල ගැන්වුනු අනාගත පරපුරක් රටට නිර්මාණය කිරීමක් වන බව අමාත්‍යවරයා මෙහි දී පෙන්වා දුන්නේය. ඒ තුළින් රටේ සංවර්ධනය සඳහා ශක්තිමත් පදනමක් සැකසිය හැකි බවත් එය රටේ මානව සම්පත දියුණු කිරීම සඳහා ඉමහත් පිටිවහලක් වන බවත් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා මෙහිදී කියා සිටියේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya