ජනවාරි 19, 2025
tami eng youtube  twitter facebook

    හැත්තෑදහසකට සෙත සළසන අපජල කළමනාකරණ ව්‍යාපෘතිය අරඹයි

    ජූනි 11, 2018

    මීගමුව කළපුව සහ එම ප්‍රදේශයේ මුහුද ආරක්ෂා කරගැනීමත් පළාතේ භූගත ජලය අපවිත්‍රවීම වැළැක්වීමටත් ආරම්භ කරන මීගමුව අපජල කළමනාකරණ ව්‍යාපෘතිය ඉතා වැදගත් බව නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍ය මුස්ලිම් කොංග්‍රස් නායක රවුෆ් හකීම් මහතා පවසයි.

    ජාතික සමුද්‍ර දිනය සැමරීමට සමගාමීව පාරිභොගිකයන් හැත්තෑදහසකට සෙත සලසන රුපියල් බිලියන 20ක වියදමින් ඉදිකිරීමට යෝජිත මීගමුව අපජල කළමනාකරණ ව්‍යාපෘතියේ සමාරම්භක උත්සවය අමතමින් අමාත්‍ය රවුෆ් හකීම් මහතා මේ බව සඳහන් කළේය.

    නගර සැලසුම් හා ජලසම්පාදන අමාත්‍යාංශය යටතේ ඇති ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය හරහා ක්‍රියාත්මක කරන මෙම අපජල කළමනාකරණ ව්‍යාපෘතිය විශේෂයෙන්ම මීගමු පුරවරයට දිර්ඝ කාලයක් තිස්සෙ අවශ්‍යව තිබුණු වැදගත් යටිතල පහසුකමක් වෙයි. මෙය ක්‍රියාත්මක කිරීම සඳහා දිර්ඝ කාලයක් තිස්සේ සාකච්ඡා පැවැත්වුවා.

    අපට විශේෂයෙන්ම මීගමු කලපුව හා අවට මුහුද ආරක්ෂා කර ගැනීමත් ඒවගේම මේ පළාතේ භූගත ජලය අපවිත්‍රවීම වැළැක්වීම සඳහාත් මේ යටිතල පහසුකම ඉතාමත් අවශ්‍යතාවයක්. මුදල් ඇමති මංගල සමරවීර මහතා තමන්ගේ පසුගිය අයවැය කථාව ඉදිරිපත් කළේ නීල හරිත අය වැයක් කියලා අද අපි මුහුදු සමුද්‍රිය දිනය සමරන මේ දවසේ මෙවැනි ක්‍රියාදාමයකට ප්‍රවේශ වීම පිළිබඳව අපි ඉතාම සතුටු වෙනවා.

    අප රටේ සීඝ්‍ර නාගරීකරණය සිදුවන මෙවැනි අවධියක අපජල පද්ධති ක්‍රියාත්මක කිරීමේදී අපි ගැටළු රාශියකට මුහුණ දෙනවා. මේ රටේ ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නල මාර්ගයෙන් අපජල බැහැර කිරීමේ ව්‍යාපෘති මුලින්ම සැලසුම් කළේ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ප්‍රදේශයටයි මුලින්ම සැලසුම් කරපු ඒ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්න බැරි වී තිබෙනවා. ඒකට හේතුව මහජන විරෝධතාවය අපි ගිය මාසෙත් ඒ පළාතේ ජනතා නියෝජිතයින් ගෙන්නලා මේ පිළිබඳව සාකච්ඡා කළා. ප්‍රදේශයේ ජනතාව ඒ තරම් කැමැත්තක් දක්වනනේ නැ. අපජල පවිත්‍රාගාරයක් තමන් වාසය කරන ප්‍රදේශයට එනවා නම් එතන විශාල විරෝධතාවයක් මතුවෙනවා එයට හේතුව ඒ පිළිබඳව තිබෙන දුර්මත නිසා.

    නමුත් අපි ජයවර්ධනපුර කෝට්ටේ ප්‍රදේශයේ ප්‍රථම වතාවට සැලසුම් කරපු අපජල පද්ධතිය තාමත් අපිට ක්‍රියාත්මක කරගන්න බැරිව අපි මහජන විරෝධතාවය මග හැරීම සඳහා ජනතාව දැනුවත් කර අවබෝදය ඇති කිරීමට පියවර ගන්නවා. තවද සාකච්ඡා කරලා ජනතාව කැමති කරගන්න වීශාල උත්සහයක යෙදෙනවා.

    පියතුමනි ඔබවහන්සේ වගේ අයත් මේකට මැදිහත් වෙලා අපට උදව් කරන්න ඕනේ මම නම් හිතන්නේ නැ මීගමුවේ එහෙම දෙයක් වෙයි කියලා. ලබන මාසේ විවෘත කරන්න තියෙන කුරුණැගල අප ජල කළමනාකරණ ව්‍යාපෘතියත් ක්‍රියාත්මක කිරීමට මුලින්ම විශාල විරෝධතාවයක් ආවා ඇත්තටම කුරුණැගල මහ රෝහල නගරයේ මැද තියෙන්නේ, මහ රෝහලෙන් බැහැර වන නොයෙකුත් අපවිත්‍ර ජලය ඒවා පිරිසිදු කිරීමට ගෙනාපු ඒ පද්ධතියට මුලින්ම දොස්තර මහත්වරුත් විරුද්ධ වුණා.

    මොකද අවට ජීවත්වෙන දොස්තර මහත්වරු එකතුවෙලා මේ පද්ධතිය වෙන කොහේ හරි තැනකට ගෙනියන්න කිව්වා, තවද අපි වේගයෙන් නාගරීකරණයවන ප්‍රදේශයක භූමී භාගයක් අත්පත් කරගන්න ඉතාම අසීරු දෙයක් කවුරුත් දන්න කාරණයක් ඉතින් යම් ආකාරයකින් අපට පුළුවන්කම ලැබුණා විරුද්ධ වු ජනතාව දැනුවත් කරලා විශේෂයෙන්ම දොස්තර මහත්වරුන් ඇතුළු ප්‍රදේශයේ ජනතාව දැනුවත් කරලා ඒ අයගේ සහයේගය ලබාගන්න.

    මෑතකදී මම ගියා ඒක බලන්න අපිට දකින්න පුළුවන්කම ලැබුණා ඉතාම නවීන තාක්ෂණය යොදාගෙන කිසිම දුර්ගන්දයක් නැතුව ක්‍රියාත්මකවෙන අපජල පද්ධතියක් හැටියට ඒක දැන් හඳුන්වන්න. ඇත්ත වශයෙන්ම මං අපේ ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ නිලධාරීන් දැනුවත් කළා මේ ප්‍රදේශයේ පාසල් වලට හා අනෙකුත් ආයතන වලට දැනුවත් කරලා මේක නැරඹීමට අවස්ථාවක් ලබා දෙන්න කියලා, ළමයින් ඇවිල්ලා මේක බලන්න, කොහොමද මේක වෙන්නේ මේකෙන් කිසිම හානියක් වෙන්නේ නැ. මේ ජනතාවට හිතකර දෙයක් අපි කළයුතු දෙයක්, අපිට අවශ්‍යම යටිතල පහසුකමක් ඒ වගේම සාමාන්‍යයෙන් ජනතාව හිතනවා වගේ නෙවෙයි කිසිම දුර්ඝන්ධයක් නැතුව අපට මෙවැනි නවීන පද්ධති දැන් ඉදිකිරීමේ පහසුකම් හා තාක්ෂණය ලැබිල තියෙන බව අපි පෙන්නන්න ඕනේ.

    පරිසරය ආරක්ෂා කිරීමේ දී මෙවැනි අවශ්‍යම යටිතල පහසුකම් මොන ආකාරයටද අපිට රුකුලක් වෙන්නේ කියන එක පෙන්වා දිය හැකිය. මෙවැනි අප ජල පද්ධතියක් අපට මීගමු පුරවරයට ලබාදීමට හැකිවීම පිළිබඳව විශේෂයෙන් මගේ මේ ධුර කාළය තුල මේක පටන් ගැනීමට පුළුවන් වීම පිළිබඳව මගේ මිත්‍ර සරත් ගුණරත්ණ මැතිතුමන් ඉදිරියේදී මේ ගැන කතා කළ යුතුයි. මොකද මේ කර්තව්‍ය ඉටු කිරීමට පුළුවන්කම ලැබුනයි කියන එක ගැන මම සතුටු වෙන්නම්. මෙහිදී ජන රැලිය ඇමතු නගර සැලසුම් හා ජලසම්පාදන අමාත්‍යාංශයේ ලේකම් ලාංකීක ජනතාවගේ පානීය ජල අවශ්‍යතාව සැපරීම හා සනීපාරක්ෂක පහසුකම් නැංවීම අප අමාත්‍යාංශයේ මූලික විෂය පථයට අයත්වන කාරණා. අප පසුගිය කාලය තුළ පානීය ජලය සපයාදීම කෙරෙහි වැඩි අවධානයක් යොමු කරනු ලැබු අතර අපගේ දායකත්වය තුල මේ වන විට සීයට අසු අටක් දක්වා ජනතාවට ආරක්ෂිත පානීය ජලය සපයාදීමට හැකිවී තිබෙනවා. 

    දකුණු ආසියාවේ අනෙකුත් රටවල් හා සංසන්දනය කිරීමේදී සනීපාරක්ෂාව අතින් අප ඉහළ මට්ටමක සිටියද නාගරීක ප්‍රදේශ සඳහා අත්‍යාවශ්‍ය යටිතල පහසුකමක් වන විධිමත් අපජල කළමනාකරණ පද්ධති ලබාදීම සම්බන්ධයෙන් අප සිටින්නේ 2.4% තරම් වන අඩු තත්වයකය.

    දැනටමත් කොළඹ සහ තදාසන්න නගර වන රත්මලාන, මොරටුව, කොලොන්නාව, ජා - ඇල, ඒකල වැනි නගර සහ කතරගම, කුරුණැගල වැනි ජනාකීර්ණ නගර සඳහා මෙවැනි පද්ධති ලබාදීමට කටයුතු කර තිබෙනවා.
    එසේම මහනුවර නගරය සඳහා දැනට විධිමත් අපජල කළමනාකරණ පද්ධතියක් ඉදිවෙමින් පවතිනවා.

    සීඝ්‍ර නාගරීකරණයට ලක්වී ඇති මීගමුව පුරවරය සඳහාස මෙවැනි පහසුකම් ලබාදීමට ශ්‍රී ලංකා රජය කටයුතු කර තිබීම මීගමු ජනතාවගේ භාග්‍යක් ලෙස මා සලකනවා.

    ඉදිරි වසර කිහිපය තුල අප අමාත්‍යාංශයේ විෂය පතයට අයත්වන ජල සම්පාදන හා සනීපාරක්ෂක ක්ෂේත්‍රෙය් තිරසාර සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමට අප අමාත්‍යාංශය, ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය හා එක්ව කටයුතු කරමින් පවතිනවා. ඒ සඳහා යන ගමනේදී අපගේ ප්‍රමුඛ පාර්ශවකරුවන් වන ඔබ සැම මෙම අවස්ථාවට සහභාගි වී සිටීම අපට බලවත් ශක්තියක්.

    ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සභාපති අන්සාර් මහතා දැක්වු අදහස් මීගමුව නගරය සඳහා නළ ජල පහසුකම් ලබාදී දශක කිහිපයක් ගතවුවද නගරය තුළ නේවාසික සහ ව්‍යාපාරික සිථාන වලින් මෙන්ම
    කර්මාන්තශාලා වලින්ද පිටවන අපජලය නිසි පරිදි කළමනාකරණය කිරීමට හැකියාවක් මෙතෙක් නොතිබුණි. දැනට මෙම ප්‍රදේශ වල පවතින පාරිසරික තත්ව මත දැනට පවත්නා සනීපාරක්ෂක පහසුකම් නිසි පරිදි ක්‍රියාත්මක කිරීම සඳහා බොහෝ ගැටළු පවති.

    මේ නිසා ටැංකිවලින් පිටාර ගලා යන අපද්‍රව්‍ය නගරයේ කාණු පද්ධතිය ඔස්සේ භූගත ජලයට මිශ්‍ර වේ. එමේනම සංචාරකයන් බෙහෙවින් ගැවසෙන මීගමුවේ සංචාරක හෝටල් ගණනාවක් පිහිටා ඇත. මෙම සංචාරක හෝටල් විලින් සමහරක්ද අපජලය ප්‍රමාණවත් පවිතු කිරීමකින් තොරව පරිසරයට මුදාහැරීම සිදුවේ. මෙම අපජලය නිසා නගරය තුළ පවත්නා ජල මාර්ග බෙහෙවින් අපිරිසුදු තත්වයකට පත්ව ඇත.

    මෙය නගර වාසීන්ගේ සෞඛ්‍යටද මහත් තර්ජනයකි. එමෙන්ම මුහුදට ගලා යන ජලය නිසා මුහුදු වෙරළ අපවිතු වන අතර එය මෙම පුරවරයේ පවත්වාගෙන යන සංචාරක කර්මාන්තයට අයහපත් ලෙස බලපානු ඇත.

     ප්‍රංශ සහ යුරෝපා සංගමයේ අධාර ඇතිව බිලියන 20ක වියදමින් ඉදිකිරීමට යෝජිත මෙම අපජල කළමනාකරණ ව්‍යාපෘතියේ සමාරම්භක උත්සවය සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රංශ තනාපති ජීන් මරීන් ෂු, යුරෝපානු සංගමයේ තනාපති තුං ලායි මාර්ග් මීගමු පුරපකි දයාන් ලංසා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වන වන නිමල් ලාංසා, සරත් ගුණරත්න , පළාත් සභා මන්ත්‍රීවරු වන සකාවුල්ලා සහ ෂාෆි රහීම් නගර සැලසුම්
    හා ජල සම්පාදන අමාත්‍යාංශයේ ලේකම් ඩී.ජී.එම්.වී හපුආරච්චි, ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සභාපති කේ.ඒ අන්සාර්, සාමාන්‍යාධිකාරි දීප්ති සුමනසේකර යන මහත්වරුන්ද මෙම උත්සවයට සහභාගි වුහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya