ජනවාරි 19, 2025
tami eng youtube  twitter facebook

    වත්මන් රජය නිහඬව සුවිශාල සේවවාක් කර තිබෙනවා- අමාත්‍ය ගයන්ත කරුණාතිලක

    ජූනි 11, 2018

    හුදු ප්‍රචාරවලට සීමා නොවී ජනතාව වෙනුවෙන් නිහඬව සුවිශාල සේවාවක් වත්මන් රජය සිදු කරමින් සිටින බව ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පවසයි.

    බිම් අගලක හිමිකමක් නොමැති ජනතාවට ඉඩම් අමාත්‍යාංශය මෙහෙයවීමෙන් ඉඩම් ඔප්පු දස ලක්ෂයක් ලබාදීමේ ජාතික වැඩසටහනේ අනුරාධපුර දිස්ත‍්‍රික්කයේ කලාවැව මැතිවරණ කොට්ඨාසයේ ජනතාව වෙනුවෙන් ඉඩම් ඔප්පු සහ බලපත්‍ර පිරිනැමීම අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (10) පැවති අතර එහිදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.


    රාජාංගනය, පදවිය සහ කැබතිගොල්ලෑව ප්‍රදේශයේ පවුල් 1,500 කට ආසන්න බලපත්‍ර ලබාදීමේ මෙහිදී සිදු විය.

     බලපත්‍ර නොමැති විහාරස්ථාන කිහිපයක් සඳහා පූජා ඔප්පු පිරිනැමීම ද එහිදී සිදුවිණ. වත්මන් රජය යටතේ සෑම සමාජ කොට්ඨාසයකම සංවර්ධනය වෙනුවෙන් වැඩසටහන් කෙරෙන බව ගයන්ත කරුණාතිලක මහතා පෙන්වා දුන්නේ. එසේම එළෙඹෙන පළාත්සභා මැතිවරණ මෙම වසරේ දෙසැම්බර් මස පැවැත්වීමට නියමිත බවත් එය පැරණි ක්‍රමයට පැවැත්වීමට යෝජිත බවත් අමාත්‍යවරය මෙහිදී වැඩිදුරටත් පැවසීය හ.


    වාරිමාර්ග සහ ජළ කළමනාකරණ අමාත්‍ය දුමින්ද දිසානායක මහතා, ළමා හා කාන්තා කටයුතු ඇමතිනි චන්ද්‍රානි බණ්ඩාර මහත්මිය, ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya