ජනවාරි 19, 2025
tami eng youtube  twitter facebook

    ඉඩම් හිමිකම්පත‍්‍ර ලබා දීමේ වැඩසටහනේ නියාමන වැඩසටහන ඇල්පිටියෙන් ඇරඹේ

    ජූනි 15, 2018

    රජයේ ඉඩම් වල ඉඩම් සංවර්ධනය කර වගා කටයුතු කරමින් දීර්ඝ කාලයක් එහි ජීවත්ව සිටින පදිංචිකරුවන්ට කඩිනමින් හිමිකම්පත‍්‍ර ලබා දීමේ ප‍්‍රායෝගික වැඩසටහන ඉඩම් අමාත්‍යාංශය විසින් ක‍්‍රියාවට නංවා ඇත.

    ඉඩම් ඔප්පු දස ලක්ෂයක් ලබා දීමේ ජාතික වැඩසටහනට සමගාමීව පවත්වන මෙම වැඩසටහනේ විශේෂත්වය වනුයේ ඉඩම් ගැටථවලට සම්බන්ධ ඉඩම් අමාත්‍යාංශය, ඉඩම් කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුව, ඉඩම් හිමිකම් නිරවුල් කිරීමේ දෙපාර්තමේන්තුව, මිනින්දෝරු දෙපාර්තමේන්තුව, ඉඩම් ප‍්‍රතිසංස්කරණ කොමිෂන් සභාව සහ අදාළ ප‍්‍රාදේශිය ලේකම් කාර්යාලය යන ආයතනවල වගකිව යුතු නිළධාරින් එකම ස්ථානයකට රැස්ව පදිංචිකරුවන්ගේ ගැටළුවලට කඩිනමින් විසදුම් ලබා දීමයි.

    දිවයින පුරා ක‍්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන මෙම කඩිනම් වැඩසටහනේ නියාමන වැඩසටහන  බෙන්තර ඇල්පිටිය මැතිවරණ කොට්ඨාශයේ වතුරවිල ග‍්‍රාම සංවර්ධන සමිති ශාලාවේ දී ඊයේ (14)දින ඉඩම් හා පාර්ලිමේන්තු ප‍්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාගේ ප‍්‍රධානත්වයෙන් ආරම්භ කෙරිණ.

    මෙම ප‍්‍රථම පියවර අද රෑකඩහේන, තිබ්බොටුවාව, වතුරවිල, දියකිතුල්කන්ද සහ අම්බන ග‍්‍රාමසේවා වසම් වල ජීවත්වන ජනතාවගේ ඉඩම් ගැට`ථ විසදීම වෙනුවෙන් ක‍්‍රියාත්මක වූ අතර රජයේ මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ විෂේෂිත කණ්ඩායම් යොදවා එම ප්‍රදේශවල ඉඩම් ගැටලු නිරවුල්කිරීම වෙනුවෙන් මැනීම් කටයුතුද මෙහිදී ආරම්භ කෙරිණ.

    මෙම මැනුම් කටයුතු සිදුවන අයුරු නිරීක්ෂණ කිරීමට ඇමති ගයන්ත ඇතුළු නිලධාරින් එම ප්‍රදේශවල නිරීක්ෂණ චාරිකාවකටද එක්වූහ

    මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුලාල් බණ්ඩාරිගොඩ මහතා,දකුණු පළාත්සභා මන්ත්‍රී ජයසිරි නානයක්කාර මහතා ඇතුළු ප්‍රාදේශිය දේශපාලන අධිකාරිය, ඉඩම් අමාත්‍යාංශ ලේකම් ඩබ් කරුණාරත්න මහතා ,ඉඩම් කොමසාරිස් ජෙනරාල් චන්ද්‍රා හේරත් මහත්මිය, මිනුම්පති පී.එම්.පී. උදයකාන්ත මහතා ,ඉඩම් හිමිකම් නිරවුල් කිරීමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් රංඡිත් ධර්මපාල මහතා, ඉඩම් ප‍්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ සභාපති සම්පත් සුභසින්හ ආරච්චි මහතා, ඇල්පිටිය ප්‍රාදේශියලේකම්තුමා ඇතුළු නිළධාරින් එක්වූහ

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya