ජනවාරි 19, 2025
tami eng youtube  twitter facebook

    ගාල්ල දිස්ත්‍රික්කයේ වතු නිවාස 100 කට නිරවුල් ඔප්පු ලබාදෙයි - නිවාස 25 ක් ජනතා අයිතියට

    ජූනි 16, 2018

    කඳුරට නව ගම්මාන යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍ය පලිනි තිගාම්බරම් මහතාගේ උපදෙස් පරිදි කඳුරට නව ගම්මාන යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍යාංශ ප්‍රතිපාදන යටතේ ගාල්ල උඩුගම හෝමදොල වතුයායේ ඉදිකළ නිවාස 25 ක් ඊයේ (15) ජනතා අයිතියට පත් කළේ ය.

    මෙහිදී හෝමදොල වතුයායේ ඉදිකළ නිවාස 25 ඇතුළු ගාල්ල දිස්ත්‍රික්කයේ ඉදිකරන ලද නිවාස 100ක් සඳහා නිරවුල් ඔප්පු ලබාදීමට කටයුතු කිරීමද සිදුවිය.

    මෙම අවස්ථාව සඳහා ඉඩම් සහ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා, කඳුරට නව ගම්මාන යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අධීක්ෂණ මන්ත්‍රී එම්. තිලකරාජ් මහතා, ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුලාල් බණ්ඩාරිගොඩ මහතා ඇතුළු වැවිලි මානව සංවර්ධන භාරයේ නිළධාරීන් රැසක් එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya