ජනවාරි 19, 2025
tami eng youtube  twitter facebook

    ප්‍රවීණ සංගීතවේදී අයිවෝ ඩෙනිස් සමුගනී

    ජූනි 18, 2018

    ශ්‍රී ලංකාවේ ගායන ක්ෂේත්‍රයේ සිටි ප්‍රවීණ සංගීතවේදියෙකු වූ අයිවෝ ඩෙනිස් මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

    සීදුව ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේ දී ඩෙනිස් මහතා අභාවප්‍රාප්ත වූ බව වාර්තා වෙයි. හෙලයේ මහා ගායක සුනිල් ශාන්ත ශූරින්ගේ සංගීත කලාව පෙරට ගෙන යමින් අයිවෝ ඩෙනිස් මහතා සංගීත ක්ෂේත්‍රයට විශල සේවයක් ඉටු කළේය. 


    1932 මැයි 28වනදා සීදූව ප්‍රදේශයේදී පැස්‌කුවල් දොන් ඔගස්‌ටින් අයිවෝ නමින් ජන්මලාභය ලැබූ ඔහු 1952 වසරේදී ගුවන්විදුලියේ වෙළෙඳ සේවයේ පැවැත්වූ 'ආධුනික පැය' වැඩසටහනේදී ප්‍රථම වරට ගීතයක්‌ ගායනා කරනු ලැබීය. ඒ 'වරෙන් හීන් සැරේ' ගීතයයි.  වෘත්තියෙන් ගුරුවරයකු වූ අයිවෝ රත්නපුරය, මීගමුව ආදී ප්‍රදේශවල පාසල්හි ඉගැන්වීම් කටයුතුවල ද නිරත විය. පසුව රජයේ සංගීත විද්‍යාලයේ ජන සංගීත උපදේශකවරයා මෙන්ම එකල පැවැත්වූ 'හෙළ මිහිර' ගායන වෘන්දයේ මූලිකයා බවට ද පත් විය.

    වීරසේන ගුණතිලක, ලයනල් රන්වල, රෝහණ බැද්දගේ වැන්නවුන් ''හෙළ මිහිරේ'' අයිවෝගේ සමකාලීනයෝ වූහ. ඔහුගේ කටහඬ එකල සුභාවිත ගීත ක්‍ෂේත්‍රය දිග්විජය කළ සුනිල් ශාන්තයන්ගේ හඬට බොහෝසේ සමානකම් දැක්‌වීය. ඒ හේතුවෙන් සුනිල් ශාන්තයන්ගේ ගීත ගායනා කිරීමේ වැඩි අවකාශයක්‌ අයිවෝට උදාවිණි. ශ්‍රී ලාංකීය ගීත කලාවේ නොමැකෙන සටහනක් ඉන් අනතුරුව තැබීමට අයිවෝ ඩෙනිස් කලාකරුවාට හැකියාව ලැබුණි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya