ජනවාරි 19, 2025
tami eng youtube  twitter facebook

    පවුල් සෞඛ්‍ය සේවා නවක නිලධාරිනියන් බදවා ගැනීමට පියවර ගත යුතුයි

    ජූනි 20, 2018

    පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් 525 කට ඩිප්ලෝමා සහතික ප්‍රදානය සහ පත්වීම් ප්‍රදානය සෞඛ්‍යපෝෂණ හා දේශය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදාකොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්විනි.

    මෙහිදී අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා - රජය අයවැයෙන් ලක්ෂ 14 ක් වූ රාජ්‍ය සේවකයින්ට වැටුප් සහ දීමනා ගෙවීමට විශාල මුදලක් වැය වෙනවා. ඊලගට වැඩි මුදලක් වැය කරන්නේ විශ්‍රාම වැටුප් ගෙවීමටයි. කෙසේ වෙතත් වත්මන් රජය බලයට පැමිණීමෙන් පසු රාජ්‍ය සේවක වැටුප රුපියල් 10,000 කින් වැඩි කළා. රෝගීන්ට නිසි ලෙස ප්‍රතිකාර කිරීමෙන් පිං ලැබෙනවා. එම පිනෙන් පැමිණෙන ගැටලු වලට විසදුම් ලැබෙනවා. නොතේරෙන ලෙස ඉන් මිදෙනවා. මම මේ පිළිබදව අත්දුටු නිසයි කියන්නේ. රටේ සෞඛ්‍ය සේවාව සදහා ඓතිහාසික තීන්දු තීරණ ගත්තා.

    ජගත් ප්‍රජාව මවිත වී තිබෙනවා. දූපත් රාජ්‍යයක් වෙලත් ගනු ලබන තීන්දු තීරණ හේතුවෙන්. යහපාලන හරියට කරලා ප්‍රචාරණ කටයුතුත් කරන්න ඕනි. අපි කරන වැඩ ගැන මිනිස්සු දන්නේ නැහැ. ප්‍රචාරණය මදි. සෞඛ්‍ය සේවාව තුල හෘද, අක්ෂි, පිළිකා රෝගීන්ට තීන්දු තීරණ රැසක් ගත්තා. ඉන්දීය ගිලන් රථ සේවාව ලංකාවට ගෙනඑන විට වෛද්‍ය සංගමය ගල් ගහන්න කිවුවා. ඉන්දීය ව්‍යාප්තවාදය කිවුවා. අපේ රටේ වගේ දාර්ශණිකයෝ ලෝකයේ වෙන කොහේවත් නැහැ. ඔවුන් නිසා තමයි රට විනාශ වුනේ.

    බස්නාහිර සහ දකුණ පළාත්වල පමණක් සිදු කරන ගිලන් රථ සේවාව දිවයින පුරා ක්‍රියාත්මක කරනවා. එහි සේවය කරන්නේ ඉන්දියාවේ දී පුහුණුව ලත් ශ්‍රී ලාංකිකයින්. පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්ගේ නව නිල ඇදුම සුදුසු බව අනුමත කළේ මමයි. වෘත්තීය සමිති නායිකා දේවිකා කොඩිතුවක්තු මහත්මිය නොවෙයි. ලෝකයේ තිබෙන නිල ඇදුම් පිළිබද අධ්‍යයනය කරලා මම ඒ තීරණය ගත්තේ. පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්ට යතුරුපැදිත් ලබා දෙනවා. සේවය ඉහළින් පිළිගන්නවා. පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්ගේ හිගයක් පවතිනවා. ඒ සදහා සුදුසුකම් වෙනස් කර හෝ නවක නිලධාරිනියන් බදවා ගත යුතුයි.

    මෙම අවස්ථාවට සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ෆයිසාල් කාසීම් මහතාසෞඛ්‍ය ලේකම් ජනක සුගතදාසසෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ඇතුලු පිරිසක් එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya