ජනවාරි 19, 2025
tami eng youtube  twitter facebook

    පසු අස්වනු හානිය අවම කිරීමට ශීතාගාර සහිත ත්‍රිරෝද රථ

    ජූනි 20, 2018
    මාළු, කිරි සහ එළවළු ප්‍රවාහනයේදී සිදුවන පසුඅස්වනු හානිය අවම කරගැනීම සඳහා ශීතාගාර පහසුකම්වලින් සමන්විත ත්‍රිරෝද රථ හඳුන්වාදීම පිළිබඳ ව ධිවර හා ජලජ සම්පත් සංවර්ධන සහ ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා සහ චීන සහ මැලේසියානු නියෝජිත කණ්ඩායමක් සමග විශේෂ සාකච්ජාවක් ඊයේ [ 19 ] පැවැත්විණ.
     
    මෙම සාකච්ජාවේදී  ගුණාත්මක භාවයට කිසිදු හානියක් ඇතිනොවන ලෙස එකී නිෂ්පාදන ප්‍රවාහනය කරගැනීමට ඇති පහසුකම් පිළිබඳව වැඩි අවදානයක් යොමු විය.
     
    නෙලා ගන්නා  මත්ස්‍ය අස්වැන්න මෙන්ම කිරි හා එළවළු ප්‍රවාහනයේදී පසුඅස්වනු හානිය ඉහළ අගයක පැවතීම නිෂ්පාදන සඳහා සාධාරණ මිලක් ලබාගැනීමට ගොවියාට ගැටළු මතුකරන බරපතල කරුණක් බවට පත්ව ඇත. ඊට අමතරව ජනතාවට සාධාරණ මිලකට අදාළ නිෂ්පාදන මිලදී ගැනීමට නොහැකිව පිඩාවට පත්ව සිටී.  නිෂ්පාදන මිල ඉහල යාමට ද මෙම පසුඅස්වනු හානිය දැඩිව බලපා ඇත.
     
    මේ නිසා ඉහත පසුඅස්වනු හානිය පාලනය සඳහා කඩිනමින් කටයුතු කිරීමේ අවශ්‍යතාව  මිට පෙර අවස්ථා කිහිපයකදීම අවධාරණය කළ රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා එම ගැටළුවලට කඩිනම් විසඳුම් ලබාදීමට කටයුතු කරන බව ඒ පිළිබඳ පැවති සාකච්ජා කිහිපයකදීම  දිලිප් වෙදආරච්චි මහතා පැවසිය.
     
    එම පොරොන්දුව අනුව පස්වනු හානිය අවම කරගැනීම සඳහා මෙම ශීතාගාර සහිත ත්‍රිරෝද රථ හඳුන්වාදීමට තමන් කටයුතු කරන බවත් , ඒ පිළිබඳ නිපුනත්වයක් සහිත චීන හා මැලේසියානු නියෝජිතයින් සමග සාකච්ජා කළ බවත් පසුඅස්වනු හානිය පිළිබඳ  සියළු ගැටළුවලට මෙමගින් විසඳුම් ලැබෙන බවත් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
     
    මෙහිදී චීන සහ මැලේසියානු නියෝජිතයින් පැවසුවේ අවම අවශයෙන් මාළු, කිරි හා එළවළු තොටුපලේ හෝ ගොවිපලේ සිට ගබඩා හෝ අලෙවි ස්ථාන වෙත පහසුවෙන් ප්‍රවාහනය කරගැනීමට පහසුකම් සැලසෙන බවත්, ඉතාමත් අවම වියදමක් යටතේ මෙම පහසුකම් ලබාගැනීමට හැකියාව ලබාදිය හැකි බවත් එය ශ්‍රී ලංකාවේ පසුඅස්වනු හානිය අවම කරගැනීමට මහත් පිටුවහලක් වනු ඇති බවත්ය.
            
    මෙම ශීතාගාර සුර්ය බල ශක්තියෙන් ක්‍රියාත්මක වීම නිසා ධිවරයට සහ ගොවීන්ට විශාල සහනයක් සලසා දීමට හැකියාව ලැබෙන බව මෙම සාකච්ජාවේදී  රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
     
    ඒ අනුව මෙම ශීතාගාර පහසුකම්වලින් සමන්විත ත්‍රිරෝද රථ ලබාගැනීමට ගොවීන්ට සහ ධිවර ජනතාවට අවශ්‍ය ණය පහසුකම් ලබාදීම පිළිබඳ ව ද අදාළ අංශ සමග සාකච්ජා කර වැඩපිළිවෙළක් සකස් කරන බවද දිලිප් වෙදආරච්චි මහතා සඳහන් කළේය.      
          
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya