ජනවාරි 19, 2025
tami eng youtube  twitter facebook

    ශ්‍රී ලංකා හදබිම අධිකාරිය කෑගල්ල ගොවින්ගෙන් මඤ්ඤොක්කා මිල දී ගැනීම අරඹයි

    ජූනි 21, 2018

    කෑගල්ල දිස්ත්‍රික්කයේ ගොවීන් විසින් වගා කරන ලද මඤ්ඤොක්කා කිලෝ ග්‍රෑම් ලක්ෂයකට අධික ප්‍රමාණයක් නිසි මිලක් නොලැබීම නිසා අලෙවි කර ගත නොහැකිව සිටින බවට කෘෂිකර්ම අමාත්‍යාංශයට වාර්තා වී තිබිනි.

    ඒ අනුව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ශ්‍රී ලංකා හදබිම අධිකාරියේ නිලධාරින්හට උපදෙස් දෙන ලද්දේ වහාම එම මඤ්ඤොක්කා තොගය මිල දී ගෙන බෙදාහැරීමට පියවර ගන්නා ලෙසයි.

    ඒ යටතේ කෑගල්ලේ ගොවීන් සතුව තිබු මඤ්ඤොක්කා තොගය මිල දී ගැනීමේ කටයුතු හදබිම අධිකාරිය විසින් ඊයේ දින (20) අරඹනු ලැබීය. කිලෝවක් රුපියල් 40ක මිලක් යටතේ අත්පිට මුදලට මිල දී ගත් අතර, දිනකට මඤ්ඤොක්කා ටොන් දෙක බැගින් මිලට ගැනීමට ශ්‍රී ලංකා හදබිම අධිකාරිය කටයුතු යොදා තිබේ.

    තම නිෂ්පාදන අලෙවි කිරීමට නොහැකිව තිබු අවස්ථාවක ශ්‍රී ලංකා හදබිම අධිකාරිය කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මැතිතුමාගේ මැදිහත්වීම මත ඒවා මිල දී ගැනීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් ගොවීන් රජයට තම කෘතඥතාව පළ කළේය.

    රජයක් විසින් මෙවැනි මැදිහත් වීමක් සිදු කරන ලද්දේ ප්‍රථම වතාවට බවත්, ගොවියා ආරක්ෂා කිරීම සඳහා රජය විසින් ගෙනයනු ලබන වැඩපිළිවෙළ දැඩි ලෙස අගය කරන බවත් ගොවීහු පැවසූහ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya