ජනවාරි 19, 2025
tami eng youtube  twitter facebook

    පාතාල ක්‍රියාකාරකම් මර්දනය කිරිමට නීතිය ක්‍රියාත්මක කළ යුතුයි - නියෝජ්‍ය ඇමැති මනුෂ නානායක්කාර

    ජූනි 26, 2018

    පාතාල ක්‍රියාකාරකම් මර්දනය කළ යුතු බවත් ඒ සදහා නීතිය ක්‍රියාත්මක කළ යුතු බවත් විදුලි සංදේශ, ඩිජිටල් යටිතල පහසුකම් සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පැවසීය.

     

    ගාල්ල කටුගොඩ ප්‍රදේශයේ මෙවර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින ළමුන් ඒ සදහා සාර්ථකව මුහුණදීමට සදහා අවශ්‍ය දැනුවත් කිරීම සදහා පැවති සම්මන්ත්‍රණයක සමාරම්භක අවස්ථාවට සහභාගී වූ අවස්ථාවේදී මේ දිනවල වාර්තාවන පාතාල ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් කළ විමසීමකට පිළිතුරු දෙමින් නියෝජ්‍ය ඇමැතිවරයා මේ බව සදහන් කළේය.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය ඇමැතිවරයා මෙසේද පැවසුවේය

    මේ පාතාල සිද්ධීන් ඉස්මතු වීම මේ දිනවල සිද්ධ වෙනවා. ඒක අවිවාදයෙන්ම පිළිගන්න වෙනවා. මේක අනිවාර්යෙන්ම මර්දනය කළ යුතුයි. ඒ සදහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම ඉතා කඩිනමින් සිදුකළ යුතුයි. ඒ වගේම අපි බලාපොරොත්තු වෙනවා නීතිය තදින් ක්‍රියාත්මක කරන්න. අපි කතාවට කියනවා එල්ලුම්ගහ ක්‍රියාත්මක කරන්න ඕනි කියලා. ඒ වගේ දැඩි දඩුවම් ක්‍රියාත්මක කරන්න ඕනි. දැන් ඝාතන කරන අය අත්අඩංගුවට ගෙන මාස 6න් ඇප ලැබිලා එළියට ඇවිත් ආයෙත් ඝාතන කරනවා. ජීවිතාන්තය දක්වා හිරදඩුවම් ලබපු අය ඇතුළේ ඉදන් පාතාල කණ්ඩායම් මෙහෙයවනවා. ඇතුළේ දුරකතන පාවිච්චි කරනවා. ඇතුළේ මත් වෙළදාම් කරනවා. අද හිරේ යන එක හොදයි සමහරුන්ට ඇතුළේ ඉදන් මොකක්හරි ව්‍යාපාරයක් කරගන්න පුළුවන්. මේවා පිරිසිදු කරලා අපි නීතියක් ඇති රටක් බවට මේ රට පත්කරන්න අවශ්‍යයි යැයි නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya